වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




දිගටම මුල් වැඩ

දිගටම මුල් වැඩ

අධ්‍යක්ෂ සුමිත් රෝහණ තිත්තවැල්ල

ජනාධිපති ලේකම්තුමාගේ අදහසකට අනුව ආරම්භ කළ ‘මුල් ‘ කියන වැඩසටහනේ කටයුතුත් සමඟයි මම කාලය ගත කරන්නේ. මේ වනවිට සෝලියස් මැන්දිස්, ආනන්ද රාජකරුණා, ආතර් වී. දියෙස්, පොන්නම්බලන් රාමනාදන්, එස්. මහින්ද හිමි වගේ ලංකා ඉතිහාසයේ වැදගත් චරිත රාශියක් අපි පුංචි තිරයට රැගෙන ආවා.

ටෙලි නාට්‍ය කිහිපයක් අධ්‍යක්ෂණයට ආරාධනා ලැබුණත් ඒ සියල්ල මා ප්‍රතික්ෂේප කළා. අද වනවිටත් මම අධ්‍යක්ෂණය කළ ‘සත්කුථ තරණය’ ටෙලි නාට්‍යයේ කටයුතු අවසන් වෙලා වසර කිහිපයක් ගෙවී ගියත් ඒක පුංචි තිරය මතට අරගෙන එන්න නොහැකි වුණා.

ඒ සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලැබුණත් ඒක තවමත් විකාශය වුණේ නැහැ.ඒ නිසා පසුගිය කාලයේ ඒ නිර්මාණය චිත්‍රපටයකට අවශ්‍ය විදියට නිර්මාණය කරමින් ඇමෙරිකාවේ හූස්ටන් සම්මාන උළෙලට ඉදිරිපත් කළා. එය සිල්වර් සෙමිවෝඩ් සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ දවස්වල ‘මුල්’ වැඩසටහනට අමතරව නවකතාවක් ලියමින් ඉන්නවා. ඒ කෘතිය ඉදිරි කාලයේ දී එළි දැක්වේවි.