වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




70 දශකයේ සංගීතයත් එක්ක

70 දශකයේ සංගීතයත් එක්ක

ගායන ශිල්පී ලක්ෂ්මන් හිල්මි

මා නියැළිලා ඉන්න අලුත් කටයුත්ත වන්නේ ළඟදීම මගේ රසිකයන් අතරට අරගෙන පැමිණීමේ අදහසෙන් ගීත රැසක් සී.ඩී. පටයකට නිර්මාණය කරමින්. ඒ සී.ඩී. පටය ලබන අගෝස්තු වනවිට එළි දැක්වීමේ අදහසක් මගේ සිතේ තිබෙනවා.

ඒ වගේම මගේ කොන්සට් එකක් සමඟ සී.ඩී. පටය එළි දක්වන්නයි මා සිතාගෙන සිටින්නේ. මා මේ සී.ඩී. පටයේ ගීතවල නිර්මාණය කළේ 70 දශකයේ සංගීතයට හා සමානව යමින්.