ප්‍රතිචාර
මවකගේ සෙනෙහස
මාලිනීගේ රංගනය
තම දියණිය සුව කළ නොහැකි රෝගයකින් පෙළෙමින් ජීවිතයත් මරණයත් අතර සිටින අවස්ථාවක
නන්දනී නම් මව විසින් දරු සෙනෙහස පෙරදැරි කර ගනිමින් සිය දියණිය ජීවත් කරවීමට
නොපසුබට උත්සාහයක යෙදෙන ආකාරය රනා ටෙලි නාට්‍ය තුළින් විශිෂ්ට රංගන ශිල්පිනී මාලිනී
ෆොන්සේකා විසින් ඉදිරිපත් කර තිබේ.
එච්. ඉන්ද්‍රපාල
මුංහේන
ගිනි අවි ගිනි කෙළියක්
අනුර හොරේෂස් ලියූ ගිනි අවි සහ ගිනි කෙළි පළමුවැනි කෘතිය ඇසුරෙන් නිර්මාණය වූ ගිනි
අවි සහ ගිනි කෙළි ටෙලි නාට්‍යය ගොඩක් හොඳයි. මෙතෙක් කිසිදු නිර්මාණකරුවකුª කතාබහට
ලක් නොවූ තේමාවකින් නිර්මාණය වූ මෙය ජනතාව අතරේ කතාබහට ලක් වී ඇත.
පාලක සමන් පෙරේරා
ජාඇල
නිමන්ති ගැන
පැදි පෙළක්
කස්තිරමෙන් ඇරැඹි ගමන
චණ්ඩ මාරුතය පරදා
පිය ගැට පෙළ පසු කරමින්
සිටු ගෙදරට ගොඩ වැදුණා
සූසැට මායම් සරදම
පටලැවිල්ල එකට ගැටුම
සමාවෙන්න සර් කියා
බැහැර කළා ඇගේ සිතින්
සුරපුරසර ඉවත දමා
ඇය ඇත ඉස්සරහා ගෙදර
සක් දෙව් දෝණිය ලෙසටයි
පිය මැන්නේ විශ්ව ගමන
මේ පැදි පෙළ නිමන්ති පෝරගේ ඔබටයි.
ගිල්බට් පෙරේරා
තලවතුගොඩ
හෝකන්දර දකුණ
අපේ ගමේ අමිලා
අපේ ගමේ ගීත තාරකාවිය අමිලා නදීශානි මා ප්‍රියතම ගායක එඩ්වඩ් ජයකොඩි නම්
ප්‍රතිභාපූර්ණ ගායනවේදියා සමඟ ‘වස්දඬුරාවය’ නම් චිත්‍රපටයකට ගීතයක් ගායනා කිරීම අපට
ආඩම්බරයකි.
සුනිල් බී. වේහැල්ල
ඇඹිලිපිටිය
එකිනෙකට වෙනස්
රුවන්ගී,
ඔබ නිරූපණය කරන චරිත එකකට එකක් වෙනස්. ඒ චරිත ඔබ හරි අපූරුවට නිරූපණය කරන අයුරු
රූපවාහිනී ප්‍රේක්ෂකයින් වන අප සතුටින් නරඹන්නෙමු. එසේම ඔබ පෙනී සිටින වෙළෙඳ
දැන්වීම් ද අද වන විට බොහෝ රසික ප්‍රසාදයට ලක් වී ඇත.
විරාජ් දුෂ්මන්ත ප්‍රනාන්දු
හලාවත
ගාමා
ගැන ඩඩ්ලිගෙන්
අපට කලින් සරසවියේ විශේෂාංගයන් හා එක්ව සරසවියට ලියූ අපේ ජ්‍යෙෂ්ඨතම පාඨකයා වූයේ
ගාමා ගාමිණී සුබසිංහය. එකම වෘත්තියක නියැලුනාට ගාමා මට වඩා නිලයෙන් ද ජ්‍යෙෂ්ඨයකි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලපංති / සැරයන් (විශ්‍රාමික) වරයෙකි. ගාමා, අප දෙදෙනාම
හමුදාවන් දෙකක සේවයේ නියුතු දීර්ඝකාලීන සේවයෙන් පසු විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨතම භටයන්
වීමු. 70, 80 දශකයන්හී ගුවන් විදුලියේ අසන්නන්ගේ ඉල්ලීම් හී නිතර නම ඇසුන ජනප්‍රියම
රසිකයෙකි ගාමා. මෙම ජ්‍යෙෂ්ඨතම පාඨකයා සරසවියට නිතර මූලිකත්වය දුන්නේය. ගාමා අපෙන්
වෙන් වූයේ 2013 මැයි 17 වැනිදාය. මේ වන විට ඔහු වියෝ වී වසරකි.
ඩඩ්ලි ගෝමස්
කටුබැද්ද
තෑග්ගෙන් තෑග්ගක්
පසුගිය දිනක පැවති අවුරුදු උත්සවයකදී කුසපත් ඇදීමකින් මංජුල මොරගහට ලැබුණු නවීන
පන්නයේ යතුරු පැදිය වෙනත් සහෝදර කලාකරුවකුට පිරිනැමීමට ගත් තීරණය උතුම් ක්‍රියාවකි.
එමෙන්ම එම කලාකරුවා වන රන්ජිත් රුබසිංහ වේදිකාවට පැමිණ ‘එය ලැබිය යුත්තේ ඔබටමය’
කියා යතුරු පැදිය ප්‍රතික්ෂේප කිරීම පළමු ක්‍රියාවට නොදෙවෙනි තවත් උතුම්
ක්‍රියාවකි.
චන්ද්‍රසිරි මානවඩු
අම්බලන්ගොඩ
පුංචි වලව්ව
කොයි කාටත්
ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන පුංචි වලව්ව බාල මහළු කොයි කාටත් රස විඳීය හැකි
ටෙලි නාට්‍යයකි.
වියානි ගුණවර්ධන
ශීලා වැන්ඩර්ලන්
S.M.S
සංජීව උපේන්ද්‍රට,
ඔබගේ රංගනයන් මෙයට පෙර වැඩිපුරම දුටුවේ වේදිකාවේ. නමුත් ඔබ පුරකලණි ටෙලි සිතුවමේ
අනගි ලෙස රංගනයේ යෙදෙනවා.
වික්‍රම
මිද්දෙණිය
ලංකාවේ ටෙලි නාට්‍යවල රඟපාන අය කොහේ හරි හොඳ ආයතනයකින් ඉගෙන ආවොත් ගොඩක් වටිනවා. මහ
බොළඳ විදිහටනෙ ඔවුන් රඟපාන්නේ. මෙලෝ රහක් නැහැ. අපි මොට්ටයෝ නෙවෙයි.
හේමන්ත
උඩුවර
‘අද අපෙ තාත්තා’ ගීතය කියන කොල්ලො තුන්දෙනාට හොඳ හැකියාවක් තියෙනවා. ඔවුන්ගේ නවතම
ගීතය වන ‘බස්’ මරේ මරු.
ෆාතිමා
වැලිගම
විශ්ව ලංකා අයියේ. ඔයා ‘මුතු’ ටෙලි නාට්‍යයේ රඟපානවා මට බලාගෙන ඉන්න ආසයි.
පී. එන්. ඒ. නිලූකා
අවිස්සාවේල්ල
ශලනි තාරකා පුංචි තිරයට ආලෝකවත් තාරකාවකි. ඇය හුරුබුහුටියට හිටියට හැකියාව අතින්
නම් ඉතාම ඉහළයි.
කාවින්ද
සින්නවත්ත
මං හිතන්නේ මේ දිනවල ජනප්‍රියම ටෙලි නාට්‍ය ගිනි අවි සහ ගිනි කෙළි. එහි නළු නිළියන්
දක්ෂ ලෙස චරිත රංගනයේ යෙදෙනවා. ශ්‍රියන්ත මෙන්ඩිස්, මිහිර සිරිතිලක, මහේන්ද්‍ර
පෙරේරා, නිරෝෂන් විජේසිංහ ඒ අතරේ කැපිලා පේනවා. එහි අධ්යක්ෂ සාරංග මෙන්ඩිස්ගේ
දක්ෂතාවය ප්‍රශංසනීයයි.
කේ. ඒ. ඩී. නාමල්
අකුරැස්ස
පුංචි වලව්වේ මේඛලා ලෙස රඟපාන දුලීකා මාරපන එම චරිතයට කිඳා බැස රඟන අයුරු මාව
මවිතයට පත් කරනවා.
රත්න කහඳව
අලව්ව
මාධව විජේසිංහ අයියේ ඔයා තූර්යා, රනා, පාරාවළලු ආදී නාට්‍යවල රංගනයේ යෙදෙනවා මට
බලාගෙන ඉන්න ආසයි. ඒ වගේම ඔයා දෙරණ ලිට්ල් ස්ටාර් අපූරුවට මෙහෙයවනවා.
ප්‍රසාදි
රත්නපුර
වරා මල් ටෙලි නාට්‍යයේ අවසානය කුමක්දැයි හිතාගන්න බැරි විදිහට එහි කතාව ගලාගෙන
යනවා. ඇත්තට අපට ඕනෑ එවැනි ටෙලි නාට්‍ය.
රත්න කහඳව
කැකුලාවල
අලව්ව
නාලක විතානගේ ගේ රූපාන්තරණ චිත්‍රපටය මම නැරැඹුවා. එය හොඳයි. අප දැන් ඔබගෙන් ඊළඟට
බලාපොරොත්තු වන්නේ ප්‍රහසන චිත්‍රපටයක්. ඔබේ ප්‍රහසන ටෙලි නාට්‍ය වන අයි ලව් ජෙනී,
අල්ලපු ගෙදර වැනි නාට්‍යහි ප්රේක්ෂකයකු වශයෙන් ඔබට හොඳට මිනිස්සුන්ව හිනාගස්සවන්න
පුළුවන්.
මාලිංද
හබරාදූව
ඩිනක්ෂි ප්‍රියසාද් අක්කේ ඔයා රනා නාට්‍යයේ රඟපානවා හරිම හුරතල්. ඒ වගේම ඒ නාට්‍යය
තමයි මගේ ප්‍රියතම නාට්‍යය. ඩිනක්ෂි නිසයි මං රනා බලන්න හුරු වුණේ.
ෂර්මිලා කුමාරි
කුරුණෑගල
සිංහ ගුවන් විදුලියේ අයි කියු වැඩ සටහන ආදර්ශවත්, වැදගත්. ඒ හින්දා මගෙන් මෙලෙස
මල් මිටක්.
ඉනේකා, සුජාතා
නුගේගොඩ
සුරාජ් මාපාටයි මේ මම කියන්නේ. ඔබේ සමකාලීනයන් වන විශ්ව, ධනංජය, සාරංග විවාහ වුණා.
නමුත් ඔබ තවම නිහඬයි. සුරාජ්, ඔබේ කල වයසත් හරි.
කරු මන්දාවල
නාත්තණ්ඩිය
සිරස නාලිකාවේ හිට්ම නාට්‍යය තමයි ස්වප්නා. එය ඉන්දියානු නාට්‍යයක් වුණත් අපේ
ශිල්පීන්ගේ හඬ කැවීම නිසා මට නම් අපේකමක් දැනෙනවා. සිරස කළොත් වැඩක් සිරසටම වදිනවා.
නිල්මිණි
මාතර
ප්‍රසාදි සමරකෝන් සිරි දළදාගමනයේ හොඳට රඟපානවා මම දැක්කා. ඇයව හේමමාලි කුමරියට නම්
ඉතාම හොඳින් ගැලපුණා. සනත් අබේසේකරගේ තේරීම හරියටම හරි.
හර්ෂ
නිකවැරටිය
හායි ජින්ජර් අක්කි,
ලංකාවේ ඉන්න මයිම් කරන ගායක ගායිකාවන්ට ඔබ ඉතා හොඳ ආදර්ශයක්. ඒ වගේම ඔබ හැමදාම ඇත්ත
කතා කරපු අයෙක්. ඔබ වැනි කෙලින් කතා කරන ගායිකාවෝ අඩුයි.
නිලූ
දෙහිවල
නටන, දඟලන, උඩ පනින ගායකයන් අතරේ මහත් සංයමයකින් බයිලා ගීත වුවත් ගයන ගායකයෙකි
කිංස්ලි පීරිස්. ඔහුගේ හඬට මං බෙහෙවින් ප්‍රිය කරන අතර ඔහුට දිගු කාලයක් ෆ්ලෑෂ්
බෑක් සමඟ වැජඹෙන්නට හැකි වේවා යැයි පතමි.
ලක්මාලි
වරකපොළ
තැපැල්පත් කෙටි පණිවුඩවලට අමතරව ඔබේ ප්‍රතිචාර දැන්
www.sarasaviya.lk
වෙබ් අඩවියට සහ Sarasaviya Facebook පිටුවට එවන්න. පුවත්පතෙහි පළවන ලිපි, පුවත්
වෙබ් පිටුව හරහා කියවන ඔබට එවෙලේම සිතට නැෙඟන ප්‍රතිචාර සටහන් කළ හැකිය.
ඊට අමතරව යෝජනා, චෝදනා, තැන තැන කියන කටකතා,
ඒ අය මේ අයට කියන කතා, ඒ අය මේ අයට හදන කතා වාරණයකින් තොරවම මෙමඟින් ඔබට එය
සනිටුහන් කිරීමට පුළුවන.
ටෙලි නාට්‍ය, චිත්‍රපට, වේදිකා නාට්‍ය නරඹද්දී, ගීතයක් අහද්දී, ගුවන් විදුලියට සවන්
දෙද්දී ඔබ සිතට නැෙඟනවා ඇති අපූරු අදහස්. ඇතැම් ඒවා එම නිර්මාණයන්ගේ අඩුපාඩු වෙන්න
පුළුවන්. එහෙමත් නැතිනම් ඔබ ඒවා විඳ ලබා ගත් සුන්දරත්වය වන්නට පුළුවන්. කෙසේ නමුත්
ඔබ සිතට නැෙඟන සිතැඟි නිදහසේ පවසන්න හැකියි ප්‍රතිචාර තීරයෙන්.
එම සිතැඟි ක්ෂණිකව
0752805047
යන අංකයට එස්. එම්. එස්. කරන්න. තැපැල්පත් හෝ සටහන්පත් නම්
‘ප්‍රතිචාර’, සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10
ලිපිනයට එවන්න.
ප්‍රතිචාර සැකසුම –
ප්‍රසාද් සමරතුංග
|