රොජර් රසික හවුලෙන් පොසොන් බැති ගී තරගයක්
රොජර් රසික හවුලෙන්
පොසොන් බැති ගී තරගයක්
රොජර් සෙනෙවිරත්න රසික හවුල සංවිධානය කරන පොසොන් බැති ගී රචනා තරඟය සඳහා නිර්මාණ මේ
දිනවල බාර ගැනේ. පාසල් සහ විවෘත යන අංශ යටතේ පැවැත්වෙන මෙහි සිසු දරුවන්ගේ
නිර්මාණයන් පාසලේ වගකිවයුතු අයකු (විදුහල්පති හෝ ගුරුතුමකු) විසින් සහතික කළ යුතුය.
විවෘත අංශයේ නිර්මාණකරුවන් ගීත රචනාහි තමාගේ ජාතික හැඳුනුම්පත් අංකය ද සඳහන් කිරීම
අනිවාර්ය වේ.
මෙම නිර්මාණ ‘පොසොන් බැති ගී රචනා තරඟය’ යනුවෙන් කවරයේ වම්පස සඳහන් කොට මැයි මස 20
දිනට ප්‍රථමයෙන් ‘රොජර් සෙනෙවිරත්න රසික හවුල, අංක 47, ‘කප්රුක’, පෙරේරා මාවත,
පැලවත්ත, බත්තරමුල්ල’ ලිපිනයට එවිය යුතුය. මේ පිළිබඳ වැඩි විස්තර 0718112895
අංකයෙන් අමතා රසික හවුලේ සභාපති ඊ. ඩී. ශ්‍රියාපාලගෙන් ලබා ගත හැකිය.
- ප්රසාද්
|