දුර්ලභ ගණයේ සිනමාකරුවෙක්
දුර්ලභ ගණයේ සිනමාකරුවෙක්
පි‍්‍රයංකර විතානාච්චි අධ්‍යක්‍ෂණය කළ ‘සැමීගේ කතාව’ සිනමා සිත්තම පසුගිය දා මෙරට
සිනමාහල්වල ප්‍රදර්ශනය අවසන් කෙරුණා. රංගන ශිල්පී ජගත් චමිල අමෙරිකාවේ නිව්යෝක්
සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනිද්දී ‘සැමීගේ
කතාව’ චිත්‍රපටයට මෙරට ප්‍රේක්‍ෂකයන්ගෙන් ද ඊට ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්. චිත්‍රපට
අධ්‍යක්‍ෂ පි‍්‍රයංකර විතානාච්චි විදෙස්ගත වුණෙත් මේ පී‍්‍රතිදායක ප්‍රතිචාරයන් ද
සමඟින්.
කෙසේ වෙතත් ‘සැමීගේ කතාව’ චිත්‍රපටය තිරගත කිරීමට ලබාදී තිබූ කාලය අවසන් වුණත්
චිත්‍රපටය නැරඹීමට පැමිණෙන ප්‍රේක්‍ෂකයන්ගේ අඩුවක් නම් දකින්නට ලැබුණේ නැහැ. මේ ගැන
අවධානය යොමු කළේත් තවත් චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. ‘සැමීගේ කතාව’ චිත්‍රපටයෙන්
අනතුරුව එම සිනමා ශාලාවල තිරගත කිරීමට නියමිත වුණෙත් ඔහුගේ චිත්‍රපටයක්.
ඔහු
උදයකාන්ත වර්ණසූරිය යි. ‘සැමීගේ කතාව’ ලබන මේ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර දෙස සුබවාදීව
බැලූ උදයකාන්ත පි‍්‍රයංකර අමතා පැවසුවේ සැමීගේ කතාව චිත්‍රපටයෙන් පසුව තමා
අධ්‍යක්‍ෂණය කළ ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ චිත්‍රපටය තිරගත වන්නට නියමිත වුණත් ලබන
ප්‍රතිචාර අනුව සැමීගේ කතාවට තව ඉදිරියට දින ලබා දී කොස්තාපල් පුඤ්ඤසෝම තිරගත
කරන්නට කැමැති බවයි.
කලා ක්ෂේත්‍රය කෙතරම් සුන්දර වුණත් තිබෙනා තරගකාරීත්වය සමඟින් එකිනෙකා පරදවන්නට
උත්සාහ දරන අසුන්දර දේ සිදුවන අවදියක මෙම සිදුවීම කාගේත් අවධානයට ලක්විය යුතු
ආදර්ශවත් ක්‍රියාවක් නොවේද? දැන් කොස්තාපල් පුඤ්ඤසෝම තිරගත වේ.
|