|
චන්ද්‍රිකා කියන නිළිය කවදාවත් වට්ටන්න බෑ
කෝපි කඩේ ස්වර්ණමාලි චරිතයෙන් සහ ඇගේ දෛවය චිත්‍රපටය ඔස්සේ ජනප්‍රිය වූ ඇය චන්ද්‍රිකා රත්නමාලි කුලසේකරයි. කාලයක් කලා නිර්මාණවලට දායක නොවූ ඇය යළිත් සුපුරුදු පරිදි කලා කටයුතුවල නියැලෙනවා. මේ ඇයගේ නවතම තතු සරසවිය පුවත්පතට පැවසූ මොහොතක්.
ඔබ කාලයක් කලා කටයුතුවලින් බැහැරව සිටියා නේද?
ඔබ රංගනයෙන් දායක වූ නාට්‍ය නිර්මාණ මොනවාද? මගේ ප්‍රථම නාට්‍ය රංගනය වුණේ ජයන්ත චන්ද්‍රසිරිගේ මෝරා නාට්‍යයේ. ඉන් පසුව තාප්පෙන් එහා, චාලි චැප්ලින්, සේදවත්තේ චණ්ඩි ජොන්, නූර්දීන්, විජේ සහ යසා, සැනසෙන්න කලාකරුවෝ, ශ්‍රී බස් සටන මගේ නාට්‍ය තමයි. එතකොට ඔබ රඟපෑ ටෙලි නාට්‍ය මොනවාද? මුතු පන්ති, පූර්ණිමා, වාඩිය, පසලොස්වකදා, බට්ටි, පතිනි වගෙ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. පතිනි ටෙලි නාට්‍යයේ මගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔබ රඟපෑ චිත්‍රපට මොනවාද? චෙරියෝ ඩොක්ටර්, රජ සෙල්ලම්, දෙමෝදර පාලම, ඔබ මට විශ්වාසයි, මාරුතය, අනන්ත රාත්‍රිය, දඬුමොනරු ආදී චිත්‍රපට 25 කට මම රංගනයෙන් දායක වුණා. මෑත කාලයේ සම්බන්ධ වූ නිර්මාණ තියෙනවාද? ඔව්. මම යළිත් රඟපාන්න පටන් ගත්තට පස්සේ සනත් අබේසේකරගේ අනගාරික ධර්මපාල, මහ රජ අජාසත්ත, රංජන් රාමනායකගේ ඩොක්ටර් නවරියන්, ජැක්සන් ඇන්තනීගේ ඇඩ්‍්‍රස් නෑ, ලුවී වැන්ඩස්ටාටන්ගේ බෝනික්කා චිත්‍රපට වගේ කිහිපයකට සම්බන්ධ වුණා. වේෂ නිරූපණයටත් ඔබ යොමු වෙනවාද? ඔව්. ඉදිරියේදී ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටවලට වේෂ නිරූපන ශිල්පිනියක් ලෙසින් සම්බන්ධ වීමට මම බලාපොරොත්තු වෙනවා. රංගන ශිල්පිනිනයක් ලෙසින් ආ ගමන් මඟ පිළිබඳව මොකද හිතන්නේ? නිළියක් වුණා කියලා මම සතුටුයි. ඒ වගේම මම රඟපාපු සමහර ට්ත්‍රපට දැකපු සමහර පිරිස් මා ගැන වැරැදියට තේරුම් ගන්න ඇති. ඒ නිසාම විශේෂයෙන් කියන්න ඕනෑ මම චිත්‍රපටයකට සම්බන්ධ වුණා නම් එය රංගනයට පමණක් සීමා වුණා. ඒ වගේම සමහර අය හිතනවා මම වැටිල කියලා. නෑ, මම කවදාවත් බංකොලොත් නිළියක් වුණේ නැහැ. මම හොඳට සල්ලි හම්බ කළා. මම දැන් අලුතින් ඉඩමක් අරගෙන තට්ටු දෙකට ගෙයක් හැදුවා. වාහනයක් ගත්තා. දරවන්ට හොඳට උගන්වනවා. ඒ නිසා චන්ද්‍රිකා කියන නිළිය කවදාවත් වට්ටන්නත් බෑ. ඉදිරියේදී ලැබෙන නිර්මාණවලට දායක වෙනවාද? ඔව්. මම විශේෂයෙන් සුනිල් ටී, රේණුකා බාලසූරිය, ජැක්සන් ඇන්තනී, ජයන්ත චන්ද්‍රසිරි අයගේ චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා. රඟපෑමට අමතරව ඔබ බියුටි සැලෝන් එකක් කරගෙන යනවා නේද? ඔව්. මගේ කඩුවෙල නිවසේ මම අලුතින්ම රූපලාවන්‍යාගාරයක් ආරම්භ කළා. ඔබේ ලිපිනය: 4/24, මෙල්ප්‍රඩ් ගාඩ්න්, 8 වන පටුමග, පළවන ගැමුණු පුර, කොතලාවල, කඩුවෙල.
|