|
රිතික් - සුසාන් දික්කසාදයෙන් පසු . . .
දික්කසාදය සඳහා ඉල්ලුම් කළ පසු සුසේන් කොහෙත්ම කම්පාවට පත් වූයේ නැත. ඇය අර්ජුන් රාම්පාල් සමඟ මූම්බායි හි ප්‍රකට සමාජ ශාලාවක සාදයකට සහභාගි වී තිබේ. දරුවන්ගේ භාරකාරත්වය ඇයට පැවරෙන නිසා ඇය ඉතා සතුටින් සිටි බව පැවසෙයි. දික්කසාදයට හේතුව අර්ජුන් රාම්පාල් බව බොහෝ දෙනාගේ අදහසයි. දික්කසාද ලිපි භාරදීමට පෙර දින රාත්‍රියේ රිතික්, සංජේ කපූර්ගේ බිරිය, මහීප්ගේ උපන් දින සාදය නර්තනයෙන් රසවත්කර ඇත. මහීප්ගේ උපන් දින සාදයට ෂාරුක් බිරිය ගෞරී ඛාන්, කරන් ජොහාර්, කරිෂ්මා කපූර්, අර්ජුන් කපූර් වැන්නන් සහභාගි වී තිබේ. මහීප්, සුසේන්ගේත් හොඳම මිතුරියක වූ නමුත් ඇය සාදයට සහභාගි වී නැත. එසේ වුවත් සෑම විටම දරුවන්ගේ සතුට හමුවේ වෙන් වූ දෙසිත් ළං වෙන බව නම් කාටත් රහසක් නොවෙයි. දික්කසාද ලිය කියවිලි භාර දුන් පසු රිතික්, සුසේන් එක් වූයේ බාල පුතු හ්‍රිධාන්ගේ උපන් දිනය සැමරීමටයි. පුතුන් දෙදෙනා සමඟ දෙදෙනා සාදයක් පවත්වා ඇති අතර වීර සිනමාපටයක් ද නරඹා තිබේ. රිතික් සහ සුසේන් එක ළඟ වාඩි වී සිනමාපටය නැරැඹූ බවත්, දරුවන් ඉදිරියේ දෙදෙනා සතුටින් සිටි බවත් ඇසින් දුටුවෝ පවසති. වෙන් වුවත් දරුවන්ගේ සතුටේදී එක්වීම ඔවුන්ගේ අතීත ආදරයේ එකම සතුටුදායක පුවතයි. ඔක්තෝබර් මාසයේදී රිතික් තනි වුවත්, ඔහුගේ ආදර හිස් තැන පිරවීමට බොහෝ තරුණියන්ගෙන් ඉල්ලුම්පත් ලැබෙනු ඇත. මංගල සිනමාපටය ‘කහෝ නා ප්‍යාර් හෛ’ තිරගත වූ වසරේ වැලන්ටයින් දිනයේදී ඔහුට ලැබුණු මංගල යෝජනා ගණන තිස් දහසකට අධික විය. |