වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




බිරියකගේ වගකීම් ඉගෙන

බිරියකගේ වගකීම් ඉගෙන

රංගන ශිල්පිනී භාග්‍යා හෙට්ටිආරච්චි

අපි අපේ ම කියලා අලුත් ගෙදරකට ගියා. ඒ නිසා අලුත් නිවසේ සියලු කටයුතු කෙරෙන්නේ මගේ දෑතෙන්.

නිවෙසේ අස්පස් කරන කටයුතුවල පටන්ම කෞෂාල්ට උයලා දෙන එක දක්වාම වූ වගකීම් රැසක් මගේ ජීවිතයට ඇතුළත් වෙලා.

වෙනදා වගේ එකම තැනකට වී ඉන්නට මට බැහැ. බිරියක් විදියට ඒ තනතුරේ වගකීම් රාශියක් තිබෙන වග වැටහෙන්නේ දැන් තමයි. ඒ අතර ‘රනා’ ටෙලි නාට්‍යයේ වගේම ‘ ආදර සංධ්වනි’ ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් කරන නිසා මම තව තවත් කාර්යබහුලයි.