රාජසිංහ සමඟ සෙංකඩගල
රාජසිංහ සමඟ සෙංකඩගල
අධ්‍යක්ෂ
සුදත් රෝහණ
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ චරිතය ආශ්‍රයෙන් ‘සෙංකඩගල රාජසිංහ’ කියන චිත්‍රපටයට
සියල්ල සූදානම් කරමින් තමයි මේ දවස්වල මා කාලය ගත කරන්නේ. මේ වනවිට මෙහි පසුතල ඉදි
කිරීමේ කටයුතු ආරම්භ වුණා. චිත්‍රපටයේ සියලු රූගත කිරීම් සිදුවන්නේ මැද මහනුවර,
නුවර ප්‍රදේශයේ යම් යම් ස්ථාන රැසක් ඇතුථ සබරගමු පළාත ආශ්‍රය කර ගනිමින්.
මේ
චිත්‍රපටයේ තිරපිටපත රචනා කළේ 1979 වසරේ තිස්ස අබේසේකරයන් විසින්. ඒ නිසා ඒ කාලයේ
ලියැවුණු ඉතිහාසය සම්බන්ධ සිද්ධි අද හෙළි වී තිබෙන තොරතුරුත් සමඟ තරමක් වෙනස්.
ඒ
අනුව මේ සියලු කටයුතු අතර තිර රචනයේ කටයුතුත් ප්‍රවර්ධනය වෙනවා. එදා කන්ද උඩරට
ගිවිසුම අත්සන් කරන්නේ 1815 වසරේ මාර්තු මාසයේ දී. ඒ හේතුව නිසාම ලබන වසරේ මාර්තු
02 වැනිදාට චිත්‍රපටය තිරගත කිරීමේ පුංචි බලාපොරොත්වක් හදවත රදවාගෙන තමයි මම මේ
සියලු කටයුතු කරන්නේ.
එමෙන්ම චිත්‍රපටයේ ඇඳුම් – පැළඳුම්, ආභරණ ආදිය ඇතුථ සියලුදේම
සකස් කළ යුත්තේ එකලට අනුවයි. ඒක බොහොම බැරෑරුම් කටයුත්තක්. ඒ බැරෑරුම් කටයුතු අතර
කාලය ගත වෙනවා නොදැනෙන තරම්.
|