අශෝක හඳගම ගේ අලුත් චිත්‍රපටයට ද්‍රිතිමන් චැටර්ජි සමඟ ස්වර්ණා
අශෝක හඳගම ගේ අලුත් චිත්‍රපටයට ද්‍රිතිමන් චැටර්ජි සමඟ ස්වර්ණා

විශිෂ්ට ගණයේ බෙංගාලි ජාතික නළුවකු වන ද්‍රිතිමන් චැටර්ජි මුල්වරට සිංහල සිනමාවට
දායක කරගනිමින් සම්මානනීය අධ්‍යක්‍ෂ අශෝක හඳගම සිය නවතම සිනමා කෘතියේ වැඩ අරඹයි.
මෙහි ද්‍රිතිමන් සමඟ ප්‍රධාන චරිතයට දිගු කලකට පසු රංගනයට අවතීර්ණය වෙමින් ස්වර්ණා
මල්ලවාරච්චි ප්‍රබල චරිත නිරූපනයකට සූදානම් වේ.
සත්‍යජිත් රායි ගේ ප්‍රතිද්වන්ධි සිනමාපටයෙන් සිනමා රංගන චාරිකාව ඇරැඹි ද්‍රිතිමන්
චැටර්ජි, සත්‍යජිත් රායි, මිර්නාල් සෙන්, දීපා මෙහ්තා, අපර්ණා සෙන්, සංජය ලීලා
බන්සාලි, මනි රත්නම් වැනි ඉන්දීය සිනමාකරුවන්ගේ මෙන්ම ජේන් කැම්පියස් වැනි
ජාත්‍යන්තර සිනමාකරුවන්ගේ චිත්‍රපටවලට දායක වූ ප්‍රවීණ රංගධරයෙකි. ඒජන්ට් විනෝද්,
ක්හානි, මිඩ්නයිට් චිල්රන්, ගුරු, 36 තවෙරන්ගි ලේන්, ජනශත් රූ, බ්ලැක්, හෝලි
ස්ටෝක්, අකාල සන්ධ්‍යා වැනි ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට අතර කැපී පෙනෙයි.
මෙම චිත්‍රපටයේ කැමරාව චන්න දේශප්‍රිය මෙයෙවීමට නියමිතය. දමින්ද මඩවලගේ සහාය
අධ්‍යක්ෂණයෙන් ද උපුල් චමිල කලා අධ්‍යක්ෂණයෙන් ද, නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන්
ද, අශෝක හඳගමගේ ගේ නවතම චිත්‍රපටයට දායක වෙන පිරිස අතර වෙති.
|