වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




මම රන්ජත් එක්ක

මම රන්ජත් එක්ක

රංගන ශිල්පී ශ්‍රීමාල් වෙඩිසිංහ

මේ දවස්වල මම ‘ස්නේහා’ ටෙලි නාට්‍යයේ වගේම ‘පාරාවළලු’ ටෙලි නාට්‍යයෙත් රඟපාමින් මගේ රසිකයන් හමුවට එනවා. තිෂූල දීප තඹවිටගේ ‘සඳසේයා’ ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායක වුණා.

එය ළඟදීම එය පුංචි තිරයට පැමිණේවි. ඒ වගේම ළඟදීම තිරගත වන ‘ රංජා’ චිත්‍රපටයෙත් මගේ රංගනය ඔබ සැමට දැක ගත හැකියි. ‘ආකර්ෂා’, ‘මායා’ කියන චිත්‍රපටවලට මගේ හඬ මුසු කළා. ඒ නිසා තරමක් මේ දවස්වල මම කාර්යබහුලයි.