සිරිල් වික්‍රමගේ සමඟ මුල්වරට
සිරිල් වික්‍රමගේ සමඟ මුල්වරට
රංගන ශිල්පිනී නදීකා ගුණසේකර
මම මේ දවස්වල ඉන්නේ බොහොම කාර්යබහුල චරිතයක් වෙලා. පසුගිය දවස්වල ඇහැලේපොල
චිත්‍රපටයේ පුස්වැල්ලේ කුමාරිහාමිගේ චරිතයට පණ පෙව්වා.
ඒ වගේම ‘අජාසත්’ චිත්‍රපටයේ
කාකවල්ලිගේ චරිතයට පණ පෙව්වා. ‘දේදුන්නක් පායලා’ චිත්‍රපටයේ ප්‍රථම වරට මම දමිළ
කාන්තාවකගේ චරිතයකට රංගනයෙන් දායක වෙනවා. සුනිල් . ටී. ගේ අලුත්ම චිත්‍රපටයේ මම
විද්‍යාඥවරියක්.
මේ වසරේ රංගනයෙන් සහභාගි වෙන්න අවස්ථා නම් ගොඩයි. ඒ අතරම විසි
වසරකට පස්සේ ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙන්නේ රංජිත් අලුත්වීදියගේ ‘දූවිලි මල්’
ටෙලි නාට්‍යය සඳහායි. ඒ චූටි අක්කා කියන මුඩුක්කු පෙළක ඉන්න චරිතයකටයි.
ඒ නාට්‍යයේ
තවත් විශේෂත්වයක් තිබෙනවා. ඒ සිරිල් වික්‍රමගේ සමඟ පළමුවරට රංගනයෙන් දායක වීමයි.මේ
කුමන කටයුතු තිබුණත් දුවගේ කටයුතු කරන්නත් මම අමතක කරන්නේ නැහැ.
|