වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




ඉර මැදියම අද සවස එළි දකී

ඉර මැදියම එළි දකී

සරසවිය සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනූ ප්‍රසන්න විතානගේ ගේ නිර්මාණය කළ ඉර මැදියම චිත්‍රපටයේ තිර රචනය මුදණාද්වාරයෙන් 08 වැනිදා කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී එළි දැක්විනි. ඉර මැදියම චිත්‍රපටයේ තිර රචනය ප්‍රියත් ලියනගේ විසින් රචනා කරන ලද්දකි.

මෙ ග්‍රන්ථය සඳහා මෙරට ජීවත්ව සිටි විශිෂ්ටතම සිනමා විචරකයකු හා ලේඛකයකු වූ චන්දන සිල්වා විසින් ලියන ලද විශ්ලේෂණාත්මක වින්දනීය අර්ථ විවරණයක් ද ඇතුළත්ය. ඉර මැදියම තිර රචනය සරසවි ප්‍රකාශනයක් ලෙස එළි දකින්නකි.

නිම්මි හරස්ගම, පීටර් ඩී. අල්මේදා, එච්. ඩී. මහින්දපාල, ලක්ෂ්මන් ජෝශප් ද සේරම්, දමින්ද ඩී. මඩවල ඇතුළු චිත්‍රපටයට දායක වූ පිරිස චිත්‍රපටයට සම්බන්ධව මෙහි දී අත්දැකීම් හෙළි කරති.

එහි අවස්ථා කිපයකි.