|
බොළඳ චරිත කළාම හැමෝම හිතන්නේ අපි මෝඩයො කියලයි
ලක්‍ෂපතියේ ලක්‍ෂ පහ දිනූ
මේනක සරසවියට හෙළි කළ රහස
මේ සටහන ඇරඹෙන්නේ නව පරපුරේ ජනපි‍්‍රය නළු මේනක රාජපක්‍ෂට සුබ පැතුම් එක්කරමිනි. එයට හේතු වන්නේ පසුගිය දා පැවැති සිරස ලක්‍ෂපති වැඩසටහනට සහභාගී වී ඔහු එහි ප්‍රශ්න දහතුනකටම අති දක්‍ෂ ලෙස උත්තර බැඳ ලක්‍ෂ පහක ත්‍යාගයකට හිමිකම් කියූ බැවිනි. ඊටත් වඩා ප්‍රබල කාරණයක් වන්නේ මේනක ලක්‍ෂපති හරහා මෙතෙක් හුදී ජනයා අතර තිබූ සාම්ප්‍රදායක මතයක් අකාමකා දැමීමය. නව පරපුරේ ජනපි‍්‍රය නළු නිළියන් මෝඩයන් යැයි ඇතැමකු පැවසුවද ඔහු තරග ආසනයෙන් නැගිටිද්දී ඒ අදහස බොරු කෙරුවේය. මේනකට මේතාක්කල් පැමිණි සුබ පැතුම්වල වැඩි ප්‍රතිශතයක් තිබුණේද ඒ ගැන පවසාය. මේනක කතාව ඇරැඹුවේද එතැනිනි. මට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් කතා කළා. ඒ හැමෝම කිව්වේ ඔයා නව පරපුර වෙනුවෙන් විශාල මෙහෙයක් කළා කියලා. මං ඒ මොකක්ද කියලා ඔවුන්ගෙන් ඇහුවාම කියන්නේ අලුත් අය බුද්ධි මට්ටමෙන් හීනයි කියන මතය එහෙම් පිටින්ම අයින් කෙරුවා කියන එක.
* ඔබට බය හිතුණේ නැද්ද ලක්‍ෂපති සඳහා සහභාගි වන්න? කොහෙත්ම නැහැ. මං ගෙදර ඉන්නකොට ලක්‍ෂපතිය බලනවා. එහි සමහර ප්‍රශ්නවලට මමත් තනිවම උත්තර බඳිනවා. ඒවායින් බොහෝ ඒවා හරියනවා. මට ලොකු ආත්ම විශ්වාසයක් තිබුණා මා මෙයට සහභාගි වුණොත් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා.
* නමුත් මං අසා තිබුණු විදියට ඔබට ලක්‍ෂපති සඳහා ආරාධනා කළාම පළමුව ඔබ බැහැ කියලා තියෙනවා? ඇත්ත, මං බැහැ කිව්වා තමයි. ඒ බයකට නෙවෙයි. ඔවුන්ගේ පටිගත කිරීම තිබුණ දින මට ෂූටිං. ඒක නිසා ඔවුන්ට මං පැවසුවා මට එන්න බැහැයි කියලා. ඒත් නිෂ්පාදක මණ්ඩලය මට පුළුවන් දිනට ඒ රෙකෝඩින් එක දාගන්න තරම් කෘතඥ වුණා.
* එදින හා හාපුරා කියලා ලක්‍ෂපති ආසනයෙ වාඩිවෙද්දී මොකද හිතුණේ? මේ වැඩසටහන සිංහල, දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කරපු විශේෂ වැඩසටහනක්. මාත් එක්ක අපේ පරපුර නියෝජනය කරන ආර්ටිස්ලා දහදෙනෙකු හිටියා. ඔවුන් සුබ පැතුවා. අවසානයේ ඉඳගනිද්දී මං ටාගර්ට් එකක් හදා ගත්තා. ඒ අඩුම ගානෙ ප්‍රශ්න දහයකටවත් උත්තර දෙන්න. මට දැන් පේනවා නෙහාරා හිනාවෙවී මගෙ දිහා බලාගෙන ඉන්නවා. ඇය දන්නවා මං අනිවාර්යයෙන්ම පරදින්නේ නැහැ කියලා.
* චන්දන අහපු පළමු ප්‍රශ්නය මේනකට මතකද? ඔව්, මීටරයෙන් මැනිය නොහැක්කේ මේ අතරින් කුමක්ද? උසක්, දිගක්, බරක්, පළලක් තමයි උත්තර හතර. හරිම සරලයි. පිළිතුර ‘බරක්’ ඔහොම්මම තරගයේ ඉදිරියටම ගියා. මට පුදුමෙනුත් පුදුමයි.
* ඒ මොකද?
* එහෙනම් ඔබ කොහොමද දැනුමෙන් ඔයතරම් පොහොසත් වුණේ? මං ඒ සේරම ප්‍රශ්නවලට උත්තර දුන්නේ මගේ පෙර දැනුමෙන් සහ ජීවිත අත්දැකීමෙන්.
* හරියට ස්ලම්ඩොග් මිලියනර් චිත්‍රපටයෙ වගේ? මටත් ඒ චිත්‍රපටය මතක් වුණා. සාමාන්‍යයෙන් මං කාලීන දැනුම එකතු කරගන්නවා. ඒවා මට මෙතෙන්දි ප්‍රයෝජනවත් වුණා. අර චිත්‍රපටයෙත් තරග කරුවා දිනන්නේ එහෙමනේ. මට පුදුම ඒකයි.
* සැන්දැහැ සිහිවන්නේ, මහනෙල් වනහය් රන්වන් හුය්. මේ කවි සඳහන් වන්නේ කොහෙද. අන්න එතන ඔබ ටිකක් හිරවුණා? මට ඒ කවිය මතකයි. හැබැයි කොහෙද සඳහන් වූයේ කියලා කියන්න අමාරුයි. නිශ්ශංක මල්ල සෙල් ලිපියෙ, පනාගඩුව තඹ සන්නසේ, සීගිරි කැටපත් පවුරේ, පොළෙන්නරුව ගල්පොතේ, යන උත්තර හතරෙන් මං දුන්නේ නිශ්ශංක මල්ල සෙල් ලිපියෙ කියලා ඒත් මට ෂුවර් නෑ. කෝකටත් මං ලයිෆ් ලයන් එක ගන්න තීරණය කළා. කතා කළේ විශිෂ්ට සාහිත්‍යධරයකු මෙන්ම සහාය අධ්‍යක්‍ෂවරයකු වන මා මිත්‍ර මහින්ද ප්‍රසාද් මස්ඉඹුලට. කරුමෙක මහත ඔහු පිළිතුර දෙන්න හදද්දිම වෙලාව ඉවර වුණා. දැන් චන්දන අයියට උත්තර තහවුරු කළ යුතුයි. මං ක්‍ෂණිකව මේ කවියෙ භාෂාව ගැන මතක් කළා. සෙල්ලිපියක වචන වෙන්න බැහැ. ටිකක් සාහිත්‍ය ගුණයකුත් තියෙනවානේ. තව ටිකක් හිතලා මං කිව්වා සීගිරි කැටපත් පවුර තමයි පිළිතුර කියලා. යාන්තම් මං ගොඩ.
* එක්තරා ප්‍රශ්නෙකදි ඔබදුන් පිළිතුර හරි, ඒත් ඊට අදාළ සිදුවීම වැරදියි? ඒක වුණේ ඕනෑම විකට්ටුවක් සඳහා පිතිකරුවන් දෙදෙනකු අතර වැඩිම ලකුණු සබඳතාවක් තිබුණ රට මොකක්ද ප්‍රශ්නයට. මං උත්තරේ දුන්නේ ලංකාව කියලයි. මගේ මතකයේ සිටිය පිතිකරුවන් දෙදෙනා සනත් ජයසූරිය සහ රොෂාන් මහානාමයි. නමුත් එම වාර්තාව තියලා තියෙන්නේ මහේල සහ සංගක්කාරයි. බැරිවෙලාවත් පිතිකරුවන් ගැන ඇහැව්වානම් මං පරාදයි.
* මං දැන් යන්නේ ඔබ ලක්‍ෂ පහක් දිනාගත්තු ප්‍රශ්නය ගාවට. 1957 වසරේ ඔස්කා සම්මානයට පාත්‍ර වූ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටයේ පාලම හැදුවේ මොන ගඟ උඩින්ද? මං ඒ චිත්‍රපටය ගැන අහලා තිබුණා. සුළු වෙලාවක් නොදන්නා විදියට ඇඟෙව්වා. ඊට පස්සෙ උත්තරේ දුන්නා කැලණි ගඟ කියලා. කිතුල්ගලයි ඒ පාලම හදලා තියෙන්නේ.
* එතැනින් පසුව ඔබ ඉවත්වෙනවා? මට හිතුණා ඇති කියලා. මගේ ටාගර්ට් එක හරි. අයින් වුණාට පස්සෙ මං ඊළඟ ප්‍රශ්නයට දීපු උත්තරයත් වැරදියිනේ.
* ලැබුණු ලක්‍ෂ පහෙන් ඔබ මොනවා කරන්නද හිතාගෙන ඉන්නේ? තවම හිතලා නැහැ. මොනවා වුණත් ප්‍රයෝජනවත් දෙයකට යොදවනවා.
* ඔබට දැනෙන පරිදි නව පරපුරේ නළුවන් නූගත් යැයි සමාජය හිතාගෙන ඉන්නේ ඇයි? එයට ප්‍රධානම හේතුව වර්තමාන නාට්‍ය කලාව තුළ උගත් යැයි හැඟෙන චරිත ඔවුන්ට නොලැබීම.
* ඔබව උදාහරණයට ගෙන එය වඩාත් පැහැදිලි කළොත්? හරි, මං මෙහෙම කියන්නම්කෝ. මට වැඩිපුරම ලැබුණෙ බොළඳ පෙම්වතාගේ චරිත. අපි සැබෑ ජීවිතයේදිත් බොළඳයි කියලා ඇතැම් අය හිතාගෙන ඉන්නවා. ඒ බොළඳ පෙම්වතා කොච්චර උගත්දැයි නාට්‍ය හරහා පෙන්වා දෙන්නෙ නැහැ.
* මේ තත්ත්වය මත ඇයි ඔබ දිගින් දිගිටම එවන් වූ චරිත කරන්නේ? මට වැඩිය උගත් අයටත් ලැබෙන්නේ එවන් වූ චරිත. ඒක අවාසියක් තමයි. ඒත් අපි තමයි දන්නේ බොළඳ චරිත කරන්න කොච්චර අමාරුද කියලා.
* ඇයි එහෙම කියන්නේ? මට ළඟදි දුෂ්ට චරිතයක් ලැබුණා. මං එය නිරූපණය කරද්දියි දැණුනෙ බොළඳ පෙම්වතාගේ චරිතයට පණ පොවන්න කොච්චර අමාරුද කියලා. මං හරිම ලෙහෙසියෙනුයි දුෂ්ට චරිතය කළේ. නළුවකුට රඟපාන චරිත තුළින් මින්සුන්ගේ ආදරය ලබන්න හරිම අමාරුයි. ඒත් ඉතාම පහසුවෙන් නළුවෙකුට මිනිසුන්ගෙන් බැනුම් අහන්න හැකියි. දුෂ්ට නළුවෙක් පෙම්වතාට ගලකින් ගැසුවොත් දුෂ්ටයාට රසිකයන් බනිනවා. බොළඳ වෙලා රසිකයන්ගේ ආදරය ලබන්න රංගනයේ යෙදෙන එක කොතරම් අමාරුද කියලා බොළඳ චරිතයක් කරලම බලන්න ඕන.
|