
පාසල්
කාලය ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ සුන්දරතම කාලය යි. කිසිම විවාදයක්
නැහැ. ඒ කාලය තරම් සැහැල්ලුවෙන් ගත කළ සුන්දර කාලයකට අපි හැමෝම
ගොඩක් ආශා කරන්නේ ඒ නිසා. කෙළි කවටකම්, දඟකාරකම්, පුංචි පුංචි
රණ්ඩු සරුවල්, ඒ වගේම පැවසූ නොපැවසූ ආදර කතා මේ කිසිවකින්
පාසල් කාලයේ අඩුවක් නැහැ. වසර ගණනක ඒ කාලය පුරාවට කිසිම තැනක
දුක හිතෙන තැනක් ඇත්තෙම නැහැ. නමුත්, අනාගතයේ යළි කිසි දිනෙක ඒ
කාලය අප ජීවිතවලට නොඑන බව දැනෙනා විට දී ඇතිවන දුක නම් හැමෝටම
ඉතිරි වෙනවා. වසර ගණනාවක් ගත වෙලා එදා එකට සිටි මිතුරු
මිතුරියන් යළිත් හමු වෙන්න අවස්ථාවක් ලැබෙනවා නම්, ඇත්තටම
කෙතරම් සතුටක්ද? කේ. රාමචන්ද්‍රන් මැදි වයසේ පසුවන සංචාරක
ඡායාරූප ශිල්පියෙක්. ඡායාරූප කලාව සමඟින් රටපුරා සැරිසරන විටදී
බොහෝ දුර ගෙවා ඔහු එක්තරා ප්‍රදේශයකට පැමිණේ. රාමචන්ද්‍රන්
කුඩා කල ඉගෙනුම ලද පාසල පිහිටා තිබෙන්නේ ද මෙම ප්‍රදේශයේමය.
....සම්පූර්ණයෙන් කියවන්න