
මේලොව පැවතෙන්නේ යම් නියමයක් අනුවය. විද්‍යාත්මකවද එය පැහැදිලි කොට ඇත්තේය. එහෙත් කිසියම් කෙනෙක් ලොව පැවතෙන ඒ නියමය එය නොවේ මෙය යැයි පැවසුවහොත් කුමක් සිදුවෙයිද. එපමණක් නොව එම තැනැත්තා ඉන් සමස්ත පද්ධතියම වෙනස් කරන්නට හැදුවහොත් කුමක් සිදුවෙයිද. චාමර පීරිස් එම සංකල්පය යොදා ගනිමින් සිය නවවැනි ටෙලි සිතුවම නිර්මාණය කොට තිබේ. එයට ඔහු නම තබා ඇත්තේ රාහු ලෙසටය.මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ සතියේ දිනවල රාත්‍රී 9.30 ට රාහු විකාශය වේ. බිමල් ජයකොඩි, සුජානි මේනකා, රොෂාන් පිලපිටිය, උමයංගනා වික්‍රමසිංහ, යශෝධා විමලධර්ම, රශිප්‍රභා සංදීපනී, චමිලා පීරිස්, චින්තක කුලතුංග, චින්තක වාස්, නදීශානි පේළිආරච්චි, අංජන ප්‍රේමරත්න, මිලින්ද මඩුගල්ල, ලුඩ්මිලා කිරිල්ලෝවා රාහු හැඩකරන ප්‍රධාන නළු නිළියන්ය. ජයශ්‍රී සංගීත කණ්ඩායමෙ මියුරු ගැයුමෙන් හැඩගැන්වුණ රාහු හි කැමරාකරණය සරසවිය සම්මානලාභී චන්දන ජයසිංහගෙනි. ලක්රුවන් ද සේරම් සංස්කරණ ශිල්පියාය.
....සම්පූර්ණයෙන් කියවන්න