වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 23 වැනිදා අඟහරුවාදා




කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට සරත් වීරසේකරගේ අධ්‍යක්ෂණයක්
සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 ජනප්‍රිය චිත්‍රපටය දිනූ . . .
දඟදාස නික්ම ගියේය
හිරු උලෙළට බොලිවුඩ් තරු එති
යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය බංගලාදේශයේ ‘කෝමලා රොකට්’
ජන කරළියෙන් නාට්‍ය ත්‍රිත්වයක්
ගින්නෙන් උපන් සීතල ඇමරිකාවේ 'HOUSE FULL' අතිශය උණුසුම් ප්‍රතිචාර මැද
සිනමා සක්විති 14 වැනි ගුණානුස්මරණය
යාපනය සිනමා උලෙළ එන බ්‍රහස්පතින්දා යාව ජීව සම්මානය වී. වාමදේවන්ට
ගාමිණි සමරා ලේ බිඳක් දන්දෙමු
සනත් ගුණතිලක රංග විමර්ශනය 21 එළිදකී
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 20 ඇරඹෙයි
විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය
නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති
සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ
‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර
නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය
ඝරසරප මංගල දර්ශනය දා
සෝමවීර තෙමස් සැමරුමට අපි තවමත් සංසාරේ උත්සවය 28 දා
ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්ලෝ තනති
මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී
කලා ලොවේ උණුසුම් පුවත්

කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට . . .

ගාමනී චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රියාල් අද්මිරාල් සරත් වීරසේකර ලාංකික ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් වන පොළොන්නරු යුගයේ ආරම්භ කරන විජයබා රජ සමය පාදක කර ගනිමින් චිත්‍රපටයකට මුලපිරුවේය. ලෝක යුද ඉතිහාසයේ ගරිල්ලා සටන් සම්ප්‍රදාය පිළිබඳ මුල් පියවර ලෙස සැලකෙන කීර්ති විජයබා රජ දවසේ කුමරුන් රැක ගැනීමට බුදල්නා නම් සෙනෙවියකු කළ සටන් පිළිබඳ පර්යේෂණ ඇසුරු කොට සරත් වීරසේකර තිර රචනය ලියා ඇත. ශ්‍රී සිද්ධා නමින් නම්කළසිනමාපටයේ මුහුරත් උලෙළ පසුගියදා ගලදාරි හෝටලයේදී පැවැත්විණි. 2015 වසරේ සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිෂ්පාදක ලෙස මහරජ ගැමුණු උදෙසා සම්මාන දිනූ ගුණපාල රත්නසේකර, 2017 වසරේ සරසවිය සිනමාකර්ෂණීය චිත්‍රපටය ලෙස සම්මාන දිනූ ආලෝකෝ උදපාදි නිෂ්පාදක තුසිත විජේසේන සමඟ වෛද්‍ය මාලිකා ජයසූරිය එක්ව ශ්‍රී සිද්ධා නිෂ්පාදනයට දායක වේ. විධායක නිෂ්පාදනය හා සංස්කරණය, ශබ්ද පරිපාලනය, වර්ණ සංයෝජනය . . .
....සම්පූර්ණයෙන් කියවන්න
 

සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 . . .

ධර්ම යුද්ධය සිනමා නිර්මාණයේ සහාය අධ්‍යක්ෂ චමත් රාජ් විසින් අධ්‍යක්ෂණය කළ උදුම්බරා සිනමාපටය අද සිට (25) සිනමාශාලා රැසක ප්‍රදර්ශනය ආරම්භ වේ. ධාවන සුරියක් වීමේ අපේක්ෂාවෙන් සිටින උදුම්බරා නැමැති දැරියක වටා ගෙතී ඇති කතා පුවතකින් සමන්විත මෙහි ජැක්සන් ඇන්තනී, ජනක කුඹුකගේ, ජයනි සේනානායක, සරත් කොතලාවල, හර්ෂි රසාංග, නදීශානි ඇන්ඩර්සන්, රයන් වැන්රෝයන්, කෞශල්‍ය නිර්මාණ ඇතුළු පිරිස රඟපාති. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර උදුම්බරා සමඟ රංගනයට පිවිසේ. එය එස්. භාරත්වාජ්ගේ කැමරා අධ්‍යක්ෂණයකි. බාබු ඒ ශ්‍රීවාත්සව සංස්කරණ ශිල්පියාය. ධීනා සංගීතයෙන් දායක විය. සරත් සේනාරත්න සහාය අධ්‍යක්ෂවරයාය. සම්පත් වන්නිආරච්චිගේ කලා අධ්‍යක්ෂණයකි. ශර්මිලා ෆොන්සේකා ඇඳුම් නිර්මාණය කොට ඇත. ඉන්දික උදාරලංකාගේ අංගරචනයකි. සුරේන් චන්ද්‍ර නිෂ්පාදන කළමනාකරුය. 2017 වසරේ ජනප්‍රිය චිත්‍රපටයට හිමි සරසවිය සම්මානය දිනූ . . .
 ....සම්පූර්ණයෙන් කියවන්න