වර්ෂ 2024 ක්වූ මාර්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට සරත් වීරසේකරගේ අධ්‍යක්ෂණයක්
සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 ජනප්‍රිය චිත්‍රපටය දිනූ . . .
දඟදාස නික්ම ගියේය
හිරු උලෙළට බොලිවුඩ් තරු එති
යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය බංගලාදේශයේ ‘කෝමලා රොකට්’
ජන කරළියෙන් නාට්‍ය ත්‍රිත්වයක්
ගින්නෙන් උපන් සීතල ඇමරිකාවේ 'HOUSE FULL' අතිශය උණුසුම් ප්‍රතිචාර මැද
සිනමා සක්විති 14 වැනි ගුණානුස්මරණය
යාපනය සිනමා උලෙළ එන බ්‍රහස්පතින්දා යාව ජීව සම්මානය වී. වාමදේවන්ට
ගාමිණි සමරා ලේ බිඳක් දන්දෙමු
සනත් ගුණතිලක රංග විමර්ශනය 21 එළිදකී
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 20 ඇරඹෙයි
විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය
නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති
සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ
‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර
නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය
ඝරසරප මංගල දර්ශනය දා
සෝමවීර තෙමස් සැමරුමට අපි තවමත් සංසාරේ උත්සවය 28 දා
ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්ලෝ තනති
මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී
ගාමිණි සමරා ලේ බිඳක් දන්දෙමු

ගාමිණි සමරා ලේ බිඳක් දන්දෙමු

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සූරීන්ගේ දහහතරවැනි ගුණ අනුස්මරණය නිමිතිකරගනිමින් කලා ජීවිතයේ අප අතරින් සමුගත් සියලුම කලාකරුවන්, ජනමාධ්‍යවේදීන් සහ රට බේරාගත් රණවිරුවන් සිහිපත් කොට ඔවුනට සෙත් පතා සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුරක් මෙම මස 30 වැනිදා උදෑසන නවයේ සිට කොළඹ 05 නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ගාමිණී ෆොන්සේකා පදනමේ සභාපති දම්මිත් ෆොන්සේකා, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න සහ සිනෙස්ටාර් පදනමේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස යන මහත්වරුන් මෙහිදී ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සහභාගිවීමට නියමිතය.

මේ වෙනුවෙන් සහභාගිවීම සඳහා කලා ශිල්පීන්ට මෙන්ම කලා රසික ඔබට මෙහි කැඳවුම්කරු අශෝක සෙනරත් මුදලිගේ විවෘත ආරාධනාවක් කරයි.


සරසවිය දිනූ මෝටර් බයිසිකල් ට රුසියාවෙන් සම්මානයක්

2016 වසරේ හොඳම චිත්‍රපටය ලෙස සරසවිය සම්මානය දිනූ මෝටර් බයිසිකල් චිත්‍රපටය 14 වැනි වරටත් රුසියාවේ කසාන් නුවර පැවැත්වුණු අන්තර්ජාතික මුස්ලිම් සිනමා උලෙළේදී රුසියානු විචාරක සංසදය විසින් පිරිනැමෙන ඩිප්ලීමා සම්මානය දිනා ගත්තේය. ශමීර වෙනුවෙන් එම සම්මානය නෙට්පැක් සාමාජික සර්ජි අනාශ්කින් විසින් ලබාගන්නා ලදී. ඉකුත් සරසවිය උලෙළේ මෝටර් බයිසිකල් සිනමාපටය හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන හතක් දිනා ගන්නා ලදී.


ඔබේ අත ගෙන ප්‍රේමණීය ගී සැඳෑව

හතළිස් වසරක් පුරා ඇසෙන දැනෙන ළයාන්විත සුසරානන්දය, හෙළයේ හෘදයාංගම ගී සර ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ සිරිවර්ධනයන්ගේ 'ඔබේ අත ගෙන' ප්‍රේමණීය ගී සැඳෑව එළඹෙන 28 වැනිදා සවස 6.30 ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ.

මියැසි වින්‍යාසය විශාරද සංගීතවේදී මනෝජ් පීරිස් සමඟ මියැසි මඩුල්ලගෙනි, කථනය වසන්ත රෝහණගෙනි.


චරිතා මා නොවන මම සමඟ 28 දා

ප්‍රවීණ ගායන ශිල්පිනි චරිතා පි‍්‍රයදර්ශනී පිරිස් තමන් පි‍්‍රය කරන ගීත අතරින් ගීත සමුච්චියක් සමඟ මෙම මස 28 වැනි දින රාත්‍රී 10.30 ට ටී.වී දෙරණ ඔස්සේ “ මා නොවන මම” සංගීතමය විචිත්‍රංගනයට එක්වන්නිය.

මා නොවන මම සංගීතය නාද, වාද්‍ය, වෘන්දයෙන්ද, කථනය කැලුම් ශ්‍රීමාල්ගෙන්ද වන අතර ටී.වී දෙරණ වෙනුවෙන් චින්තක ගම්ලත් වැඩසටහන අධ්‍යක්ෂණය කරයි.


කොත්මලේ සිරිසේනගේ ‘මඟ හැරුණු රාත්‍රිය’

ප්‍රවීණ මාධ්‍යවේදියකු, කෙටිකතා රචකයකු සහ විචාරකයකු වන කොත්මලේ සිරිසේන විසින් රචිත මඟහැරුණු රාත්‍රිය කෙටි කාව්‍ය සංග්‍රහය දැන් නිකුත් වී ඇත. හයිකු සම්ප්‍රදාය ඇසුරෙන් ලියැවුණු කවි 88 කින් සමන්විත මෙහි ඔහු ජිවිිතයේ විවිධ පැතිකඩ මෙන්ම සොබා දහම පිළිබඳවත් සමාජ, සංස්කෘතික, දේශපාලනමය සිදුවීම් පිළිබඳවත් වචන කිහිපයකින් ගැඹුරු අරුතක් මතු කිරීමට සමත් වී ඇත.


කොළඹට අලුත් සිනමාශාලා 6 ක්

නූතන සිනමා අත්දැකීම ප්‍රේක්ෂක ඔබට

මෙරට සිනමා ලෝලීන්ට නවමු අත්දැකීමක් ලබා දෙමින් අති සුඛෝපභෝගී සිනමාශාලා අතරට එකවර නව සාමාජිකයෝ සයදෙනෙකු අද දිනයේදී එකතුවෙයි. කොළඹ කොම්පඤ්ඤවීදියේ ඉදිවූ දැවැන්ත වෙළෙඳ සංකීර්ණයක් වන කලම්බු සිටිසෙන්ටර්හිදී මෙම සිනමාශාලා හය ඉදිවී තිබේ. ඒවා අද දිනයේදී විවෘතවනු ඇත. නවීන තාක්ෂණයෙන් යුතු සිනමා ශාලා හය ඉජපඥඥද 1 - 6 ලෙසට නම්කොට තිබේ. අද දින සිට එහි චිත්‍රපට තිරගතවීම ආරම්භ වේ. ලොව වටා ප්‍රේක්ෂක අවධානයට පාත්‍රවූ අලුත්ම සිනමා කෘති සඳහා මෙන්ම සිංහල සිනමා පට වෙනුවෙන් ද මෙම සිනමාශාලා වෙන්වනු ඇත. නවීනතම ශබ්ද තාක්ෂණය වූ ඩොල්බි ඇට්මොස් තාක්ෂණයෙන් පිරි මෙම සිනමාශාලා පේ‍්‍රක්ෂයන් හට නවමු අත්දැකීමක් ගෙනදෙනු ඇත.


ශක්‍ර භවන 29 දා

පන්නල ආදි ශිෂ්‍ය සහෝදරත්ව පදනමට ආධාර පිණිස මහින්ද පතිරගේ නාට්‍ය නිර්මාණ 'ශක්‍ර භවන' මෙම 29 දා සවස 3.30 ට හා 6.30 ට පන්නල පුරහලේදී වේදිකා ගත කෙරේ. මහින්ද පතිරගේ, එරික්, දිල්කි සහ විපුලන්ත රංගනයෙන් එක් වෙති. 'ශක්‍ර භවන' ජගත් පොන්නම්පෙරුමගේ නිෂ්පාදනයකි.


රටවල් අටක ජනකතා අටක් දොරට වඩී

පියසේන වික්‍රමගේ පරිවර්තනය කරන ලද රටවල් අටක, ජනකථා අටක් එළඹෙන 29 වැනි දින දොරට වඩී. ඒ ඕර්ධ්ඛ්ඩ් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන දොරට වැඩුමේ මණ්ඩපයේදීය. එම ජනකථා අටට ඇතුළත් වන්නේ උතුරු අමෙරිකාව “ සෙනෙකා කතන්දරය”, නවසිලන්තය “ මවිරි කතන්දරය”, ටෙක්සිකෝව “ සෙල්ටික් කතන්දරය” , අයර්ලන්තය “ ඇස්ටෙක් කතන්දරය” ජපානය “ ෂින්ටෝ කතන්දරය”, එංගලන්තය “ ඉංගී‍්‍රසිකාරයන්ගේ කතන්දරය” , ගී‍්‍රසිය “ ගී‍්‍රක කතාන්දරය” නයිජීරියාව “ සොරුබා කතන්දරය” වේ.


මඩොල් කැලේ වීරයෝ ඇරැඹේ

පසුගිය සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම නාට්‍යය ලෙස කිරුළු පලන් අපේ ආදරේ ටෙලි සිතුවම අධ්‍යක්ෂණය කළ ජනක චමින්ද අත්තනායකගේ නවතම ටෙලි සිතුවමේ මුහුරත් උලෙළ ඉකුත්දා කොළඹ ගලධාරි හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. මඩොල් කැලේ වීරයෝ ලෙසට නම්කොට ඇති එය ප්‍රමිලා සුරංගිගේ නිෂ්පාදනයකි. ඇය මෙහි ප්‍රධාන රංගන ශිල්පිණිය ද වේ.

නිරෝෂන් විජේසිංහ, කාවිංග පෙරේරා, හිමායා ලියනගේ, රිචඩ් මානමුදලි, දිලිප් මනෝහර, අජිත් ශාන්ත, ෆර්නි රෝෂිනී, මේධා ජයරත්න, නෙස්ටා මානෙත් ඇතුළු පිරිස මෙහි චරිත රංගනයෙන් දායක වෙති.

අධ්‍යක්ෂණය මෙන්ම කැමරා අධ්‍යක්ෂණයද ජනක චමින්ද අත්තනායකගෙනි. තරිඳු ඉලංගකෝන් සහාය අධ්‍යක්ෂවරයාය. හෙන්රි ප්‍රේමරත්නගේ අංග රචනයෙකි, ජනත් කුලතුංග සංගීත අධ්‍යක්ෂවරයාය. අසුන් මල්වත්තගේ සංස්කරණයකි. මඩොල් කැලේ විරයෝ රිහාන් රවීන්ද්‍රගේ රූපවාහිනි රචනයකි.