|
යාපනය සිනමා උලෙළ එන බ්‍රහස්පතින්දා යාව ජීව සම්මානය වී. වාමදේවන්ට
යාපනය අන්තර් ජාතික සිනමා උලෙළ 2018 ඔක්තෝ්ම්බර් මස 03 වැනි දින සිට 08 වැනි දින දක්වා සිව්වෙනි වරටත් යාපනයේදී පවත්වනු ලැබේ. අද්‍යතන සිනමාවේ නිර්මාණශීලී ඉදිරිපත් කිරීම් ගවේෂණය කරන අපක්ෂපාතී වේදිකාවක් වන යාපනය අන්තර් ජාතික සිනමා උලෙළ ඉදිරිපත් කරනු ලබන්නේ සිලෝන් තියටර්ස් සමාගම සහ යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශය හා එක්ව Agenda 14 ආයතනයයි. වෘත්තාන්ත, වාර්තා හා කෙටි චිත්‍රපට 80 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින් මෙවර සිනමා උලෙළ සඳහා රටවල් 30 ක් පමණ සහභාගි වනු ඇත. යාපනයේ කාගිල්ස් චතුරස්‍රයේ පිහිටි මැජෙස්ටික් සිනමා සංකීර්ණයේදී 2018 ඔක්තෝම්බර් මස 03 වන දින ප. ව. 5.45 ට මෙවර යාපනය අන්තර් ජාතික සිනමා උලෙළ ආරම්භ කෙරෙන අතර සම්මාන ප්‍රදාන උත්සවය 2018 ඔක්තෝම්බර් මස 08 වන දින ප. ව. 6.15 ට පැවැත්වෙනු ඇත. ජ්‍යෙෂ්ඨ සිනමාවේදී් වෙනුවෙන් පිරිනැමෙන යාවජීව සම්මානය, තරුණ සිනමාකරුවන්ගේ ප්‍රථම චිත්‍රපටය, හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටය, හොඳම දේශිය කෙටි චිත්‍රපටය හා වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරය දිනූ කෙටි චිත්‍රපටය යන කාණ්ඩ ඔස්සේ සිනමාවේ ජ්‍යෙෂ්ඨයින් සඳහා ගරුත්වය පිරිනැමීමේත්, නූතන පරම්පරාවේ චිත්‍රපට නිර්මාණකරුවන් දිරි ගැන්වීමේත් අභිප්‍රායෙන් යුතුව සම්මාන 05 ක් පිරනැමීම සිදු කරනු ඇත. මලයාලම් සිනමාකරු ෂාජි නාරායන් කරුන්ගේ 'පිරවි' (1989) 'වනප්‍රසාදම්' (1999). 'කුට්ටි ග්‍රානක් (2009) 'ස්වාප්පානම් (2013) සහ තවත් ඔහුගේම කෙටි චිත්‍රපට කිහිපයක් ප්‍රේක්ෂකයන් වෙත ප්‍රදර්ශනය කරමින් එකී මලයාලම් සිනමාකරුගේ නිර්මාණාත්මක ගමන් මඟෙහි ප්‍රත්‍යාවලෝකනයක් මෙම චිත්‍රපට උලෙළෙහි තිරගත කරනු ඇත. තවද සාජි නාරායන් කරුන් මහතා මෙම චිත්‍රපට උලෙළේ අවසාන දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ද සහභාගිවීමට නියමිතය. ප්‍රවීණ ඇමෙරිකානු සිනමාකරු බ්‍රැඩ් ඕල්ගුඩ්, සම්මානලාභී ඉන්දීය සිනමාකරු ෂාජි නාරායන් කරුන්, සම්මානලාභී ඉන්දීය සිනමා නිළි ඌර්වසී අර්චනා සහ සුප්‍රකට ඊජිප්තු සිනමා විචාරක සාෆා එලයිසි හැග්ගැග් විසින් වෘත්තීයමය නිපුනත්වය නවක සිනමාකරුවන් සමඟ බෙදා හදා ගන්නා Master Class කිහිපයක් ද මෙම උලෙළේදී පැවැත්වෙනු ඇත. හැත්තෑව දශකයේ සිට අසූව දශකය දක්වා යාපනයේ සිනමාවේ ගමන් මඟ සම්බන්ධව සංවිධානය කරන Ever Green Silver Screen A Walk Through 70-80's Cinemas of Jaffna' නමැති අතීත සැමරුම් චාරිකාවක් යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ ප්‍රධානි හා දෘශ්‍ය කලා ශිල්පී ආචාර්ය ටී. සනාතනාන් මහතා විසින් සිදු කරනු ඇත.
ජැක්සන්-ස්වර්ණා එක්කොට දඩ ඉමට අද මුල පුරයි
දඩඉම නමැති සිනමා සිතුවමක් අධ්‍යක්ෂණය කරමින් තවත් වෛද්‍යවරයකු සිනමා අධ්‍යක්ෂවරයකු වෙයි. ඔහු විශේෂඥ වෛද්‍ය නෙඕමාල් පෙරේරායි. ඔහුගේ කුලුඳුල් සිනමා සිතුවම අද දිනයේ පැවත්වෙන මුහුරත් උලෙළින් පසුව ආරම්භ වේ. දඩඉම ලෙසට නම තබා ඇති එය වෛද්‍ය නෙඕමාල් විසින් ගෙත්තම් කළ කතා පුවතකට අනුව නිර්මාණය වේ. ජැක්සන් ඇන්තනි, ස්වර්ණා මල්ලවආරච්චි. මහේන්ද්‍ර පෙර්රා, අකිල ධනුද්ධර ඇතුළු නළු නිළියන් රාශියක් මෙහි රංගනයෙන් දායක වෙයි. රුවන් කොස්තා කැමරා අධ්‍යක්ෂවරයාය. හර්ෂ මංජුලගේ අංග රචනයකි. ගීත රචනය සුනිල් ආරියරත්න විසිනි. දඩඉම වෛද්‍ය නෙඕමාල් සමඟ ඔහුගේ බිරිය වෛද්‍ය නිශානි ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.
සෝමරත්න දිසානායකගේ සුනාමි මහනුවරට ඇවිත්
ප්‍රීතිරාජ් එදත් දිනුම් අදත් දිනුම් අරඹයි
|