....සම්පූර්ණයෙන් කියවන්න
|
අප
අතර සිටින ප්‍රවීණ නාට්‍යකරුවා වන නාමෙල් වීරමුණිගේ නවතම
වේදිකා නාට්‍යය නිර්මාණය ‘රාවණසීතාභිලාෂය’ අද ඇතුළුව (4වැනිදා)
5, 6 යන තෙදිනෙහි නාමෙල් - මාලිනී පුංචි තියටර්හිදී වේදිකා ගත
වීමට නියමිත ය. ‘රාවණසීතාභිලාෂය’ සංගීතමය නාටකයකි.
‘රාවණසීතාභිලාෂය’ නවතම වේදිකා නාට්‍යය පිළිබඳ නාමෙල් වීරමුනි
සමඟ ‘සරසවිය’ට සිදු කළ සංවාදයකි. *‘රාවණසීතාභිලාෂය’ වේදිකා
නාට්‍යයේ නාට්‍යය පිටපත ලියන්නේ මහාචාර්ය ජේ.බී. දිසානායක හා
ඔබයි. මහාචාර්ය ජේ.බී. දිසානායක රචනා කරන ලද ‘රාවණ’ කියන ගීත
නාටකයෙන් කොටසකුත්, ඒ සඳහා ම මා විසින් රචනා කරන ලද කොටසකුත්
එකතු කර ගනිමිනුයි ‘රාවණසීතාභිලාෂය’ සංගීතමය නාටකය නිර්මාණය
වන්නේ. *මහාචාර්ය ජේ. බී. දිසානායක ‘රාවණ‘ ගීත නාටක පිටපත
ලියන්නේ වසර ගණනකට පෙර නේද? ඔහු ‘රාවණ’ නාට්‍යය ලියන්නේ 1956
වසරේදී.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය එක්ව සංවිධානය කෙරෙන රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අද (20) සිට 30 වැනිදා දක්වා ටවර්හෝල් රඟහලේදී සවස 5 සිට පැවැත්වේ. මෙවර ළමා නාට්‍ය උලෙළ වෙනුවෙන් සිංහල මාධ්‍යයෙන් නාට්‍ය 16 ක්, දෙමළ මාධ්‍යයෙන් නාට්‍ය 08 ක් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නාට්‍ය 7 ක් සහ අවසාන දිනයේ ආරාධිත නාට්‍ය 2 ක් රඟ දැක්වීමට නියමිතය. සීමිත අංශයෙන් දඹදෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 'සපුමල්ගේ ලෝකය', හොරණ ප්‍රේද්‍රික් මහා විද්‍යාලයෙන් 'පඹයෙක් ඇවිත්', හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයෙන් 'සෙල්ලමක් ද මාත් එක්ක', කොළඹ 13 යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන් 'හිනා වෙන්න ආසයි', මීගමුව ආවේ මරියා කන්‍යාරාමයෙන් 'සතුටු වෙන්න එන්න යාළුවේ', ඇරැව්වල විද්‍යාලෝක මහා විද්‍යාලයෙන් 'වීරයෙක් වෙනවා
....සම්පූර්ණයෙන් කියවන්න |