අම්මා රෝගී වෙලා
අම්මා රෝගී වෙලා
නිවේදිකා භාෂිණි සමරසිංහ
මේ වසර ආරම්භයේ සිට මට ගොඩක් විදෙස් සංචාර සඳහා සහභාගි වෙන්න අවස්ථාව උදා වුණා.
දකුණු කොරියාව, සිංගප්පූරුව, ඩුබායි රටවල ප්‍රදේශ රාශියක සංචාරය කරන්නත් ලැබුණා.
ඒ
දවස් හරිම සතුටෙන් සුන්දරව ගත කළත් පසුගිය සතිය නම් මට පුදුමාකාර වේදනාකාරී සතියක්
වුණා. ඒ මගේ අම්මා අසනීප වූ නිසා. ඇය රෝහල් ගත කළ කාලය මම ගත කළේ හරීම වේදනාවෙන්.
හැමදම මගේ ශක්තිය වුණේ අම්මා. මේ දවස් මම ගත කරන්නේ අම්මාගේ නිරෝගි සුවය ප්‍රර්ථනා
කරමින්.
ඊට අමතරව මට බීබීසී ශිෂ්‍යත්වයක් ලැබුණා. ඉදිරියේදී එයත් සාර්ථකවකරගෙන යන්න
බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශී‍්‍ර එෆ් එම් නාළිකාවේ භාෂි එක්ක ටොප් චාර්ට් වැඩසටහනට
අමතරව තරුවක් සමග වරුවක් නමින් අලුත්ම වැඩසටහනක් සෑම ඉරිදාවකම ඉදිරිපත් කරනවා.
|