ෂාරුක්ගේ පුත් අමිතාබ්ගේ මිනිබිරිය සමඟ
ෂාරුක්ගේ
පුත්
අමිතාබ්ගේ මිනිබිරිය සමඟ
කුමන පුරවරයට ගියත් බොලිවුඩයේ මිතුදම් වෙනස් නොවෙයි. ආර්යන් ඛාන්ට, නව්‍යා නවේලිත්,
නව්‍යාට ආර්යන්වත් අමුත්තන් නොවන්නේ ඒ නිසයි. දැන් දෙදෙනාම උසස් අධ්‍යාපනය ලබන්නේ
ලන්ඩනයේ සෙවනෝක්ස් පාසලේය.
ආර්යන්, ෂාරුක්ගේ වැඩිමල් පුතුය. නව්‍යා, අමිතාබ් බච්චන්ගේ මිනිබිරියයි. එනම්
අමිතාබ් බච්චන්ගේ එකම දියණිය ශ්වේතාගේ දියණියයි. නව්‍යාගේ බොලිවුඩ් නෑකම වඩාත්
ශක්තිමත් වන්නේ ශ්වේතා විවාහ වී සිටින්නේ නැසීගිය විශිෂ්ට සිනමා අධ්‍යක්ෂ සහ රංගධර
රාජ් කපූර්ගේ දියණියගේ පුතු, නිඛිල් නන්දා සමඟ වී සිටීම නිසයි. කොටින්ම නව්‍යා
අමිතාබ්ගේ මිනිබිරිය මෙන්ම රාජ් කපූර්ගේ මී මිනිබිරිය ද වන්නීය.
අමිතාබ් සහ ෂාරුක් හොඳ මිතුරන් සේම ආර්යන් සහ නව්‍යා ද දැන් එකිනෙකාට නැතිවම බැරි
මිතුරෝය. ඔවුන්ගේ මිතුදම කැමරා ඇසට අසු වී තිබෙන්නේ විනෝද ගමනක් ගිය විටදීය. මාධ්‍ය
නම් මේ මිතුදමට ‘ආදරය’ යන නිර්වචනය ද දී අවසානය.
චම්පිකා දීපානි රණසිංහ
-20140508.jpg) -20140508.jpg) -20140508.jpg) -20140508.jpg)
|