තරු ඉටි රූ වෙති
තරු ඉටි රූ වෙති
මෙරට අග්‍රගණ්‍ය කලාකරුවන් අතරෙහි ලා ගැණිය හැකි පණ්ඩිත් අමරදේව, මාලිනී ෆොන්සේකා,
මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ආචාර්ය වික්ටර් රත්නායක, රවීන්ද්‍ර රන්දෙණිය, සුනිල්
එදිරිසිංහ ආදී කලාකරුවන් 14 දෙනෙකුගේ ජීවමාන ඉටි රූප ප්‍රදර්ශනයක් මෙම 9 වැනිදා සිට
11 වැනිදා තෙක් කොළඹ කලා භවනේදී පැවැත්වේ.
මහාචාර්ය සුනිල් ආරියරත්න, රවීන්ද්‍ර රන්දෙණිය, ආචාර්ය වික්ටර් රත්නායක, බණ්ඩාර
ඇහැලියගොඩ සහ ප්‍රේම් දිසානායක එකතුව මෙම ඉටි රූ දැක්ම සංවිධානය කරයි.
අතුල හේරත් සහ මහීම හේරත් යන පිය පුතු යුවළ විසින් නිර්මාණය කරනු ලබන මෙම ඉටි රූ
ලොව අති පරිසිඳු ඉටි රූ කෞතුකාරගය වන බ්‍රිතාන්‍යයේ මැඩම් ටුසුවුඩ්ස් අනු රූ පරදන
බැව් ඒ දුටු බොහෝ දෙනා පවසති.


|