ප්‍රියංකා ගැන චිත්‍රපටයක්
ප්‍රියංකා ගැන
චිත්‍රපටයක්
උත්තරීතර ප්‍රේමය නිසා ටජ් මහල් වැනි මන්දිර වගේම සිනමාපට ද නිර්මාණය වෙයි. මේ
සිනමා ටජ් මහල ගොඩ නගන්නේ ප්‍රියංකා චොප්රාගේ හිටපු පෙම්වතා අසීම් මර්චන්ට්ය. ඔහු
නිෂ්පාදන සමාගමක් අරඹා තිබේ. එයින් නිපදවන පළමු සිනමාපටය ප්‍රියංකාගේ බොලිවුඩ්
ජීවිතයේ පළමු වසර කිහිපය ඇසුරින් නිර්මාණය වූවකි. එහෙත් එය ආදරයට නිපදවන්නක් ද,
වෛරයට නිපදවන්නක් ද කියා සිනමාපටය නරඹන තුරු කිසිවකුටත් කිව නොහැකිය.
අසීම් පවසන අන්දමට සිනමාපටය ප්‍රියංකාගේ හිටපු කළමනාකරු ප්‍රකාශ් ජාජු ඇසුරින්
නිර්මාණය කෙරුණකි. ප්‍රියංකා, ජාජු 2004 වසරේදී නෙරපා දමා ඇති අතර ඔහුට දින 67 ක්
සිරගතව සිටීමට සිදු වී ඇත්තේ ද ඉන් පසුවයි. ඔහු ප්‍රියංකාගේ පෞද්ගලික ජීවිතයට ද
ඇඟිලි ගසා තිබේ. ප්‍රියංකාගේ පියා ඔහුට එරෙහිව නඩු පැවරූ අතර, ජාජුු පවසන අන්දමට
ජාජුගේ පවුලේ අයට ද පියා තර්ජනය කර තිබේ.
අසීම් මේ සිදුවීම් හොඳින් දන්නා පුද්ගලයාය. ඔහු ප්‍ර‍්‍රියංකාව දන්නේ ඇය 2000
වසරේදී ලෝක රූප රාජිනී කිරුළ දිනා ගැනීමට පෙර, මෝස්තර නිරූපණයෙහි යෙදී සිටින කාලයේ
සිටයි. ප්‍රියංකා රූ රාජිනී කිරුළ දිනාගෙන දෙවසරකට පසු ඔවුහු වෙන් වූහ.
ප්‍රියංකාගේ සිත රිදේ්විදැයි මාධ්‍ය පැවසූ විට අසීම් පවසා ඇත්තේ, දෙදෙනාගේ ආදරය
අවසන් වී බොහෝ කල් බවයි. ඇය ආදරණීය පුද්ගලයකු බවත්, ඇය ගැන තමන් ආඩම්බර වන බවත්
අසීම් වැඩිදුරටත් පවසා තිබේ.
ප්‍රියංකා මේ සියල්ල ඉදිරියේ මුනිවත රකින්නීය.
චම්පිකා දීපානි රණසිංහ
|