වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




විලියම් ෂේක්ස්පියර්ගේ හැම්ලට් අපේ සිනමාවට නඟයි

විලියම් ෂේක්ස්පියර්ගේ හැම්ලට් අපේ සිනමාවට නඟයි


 

ප්‍රධාන මේසයේ හාන්ස්, තිළිණි, රෙක්ස්, ගාමිණී, මෙහි නිෂ්පාදකවරයකු වන නිමල්


 

හැම්ලට් වන හාන්ස් සහ ඔෆීලියා, තිළිණි

විලියම් ෂේක්ස්පියර්ගේ විශිෂ්ටම කෘතියක් වන ‘හැම්ලට්’ සංගීතාත්මක ශෝකාන්තය ඔබිනාමුණි ගාමිණී ද සිල්වා සිනමාවට නැඟීමට සූදානම් වෙයි. භාෂා කිහිපයක් යටතේ රටවල් ගණනාවක හැම්ලට් කතාව ඇසුරෙන් චිත්‍රපට තැනුනත් ලංකාවේ එය නිර්මාණය වන පළමු අවස්ථාව මෙය වේ. හැම්ලට් සිනමා කෘතියේ චරිත මෙරට නළු නිළියන් අතර බෙද දී ඇත්තේ මෙසේය.

ක්ලෝඩියස් ජීවන් කුමාරණතුංග, පොලෝනියස් රෙක්ස් කොඩිප්පිලි, රොසාන් කාන්ටිස් ක්ලීටස් මෙන්ඩිස්, ගර්ට්රුඩ් වීණා ජයකොඩි, හොරේෂිඩ් අරවින්ද දොඹගහවත්ත, ගිල්ඩන්ස්ටන් සරත් දික්කුඹුර, රෙනාල්ඩෝ විජිත් මැදවෙල, ඔස්රිත් අනුපමා දෙහිවල, ලෙයාර්ට්ස් බුද්ධික අබේරත්න. මෙහි හැම්ලට්ගේ චරිතය හාන්ස් බිලිමෝරියා සහ ඔෆීලීයාගේ චරිතය තිලිණ පෙරේරා රඟපායි.

හැම්ලට් නිමල් චන්ද්‍රසිරි, කේ. ඒ. සිරිවර්ධන, කිත්සිරි හේවාගමගේ, ධම්මික ද සිල්වා, කේ. වී. ඩී. ඩබ්ලිව්. විජේරත්න, රුෂාන් ප්‍රනාන්දුපුල්ලෙ, ඉන්ද්‍රජිත් සරණසේකර සමඟ සුනිල් ද සිල්වා නිෂ්පාදනය කරයි.

මෙය ශ්‍රී ලංකා ෂේක්ස්පියර් කේන්ද්‍රයේ ඉදිරිපත් කිරීමකි.