මුහුදු මහා විහාරයේ
මුහුදු මහා විහාරයේ
ගායන ශිල්පිනී
සුජාතා අත්තනායක
ඉදිරි සතියේ මට සුවිශේෂ ගමනක් යෙදිලා තියෙනවා. මුහුදු මහ විහාරයට වියළි ආහාර
ද්‍රව්‍ය පිරවු ලොරියක් අරගෙන මමත් මගේ නැදෑ හිතවතුන් සමඟ යන්න බලාපොරොත්තුවෙන්
ඉන්නවා.
එහි ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි වෙසක් පුන් පොහොය නිමිත්තෙන් දන්සලක්
සඳහා මෙලෙස විශාල ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් එක් රැස් කරගැනීමට මගේ ඥාතීන් හිතවතුන්
මට උපකාර කළා.
ඒ වගේම මේ සතියට මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. එයත් අපි මරණයට ළං වෙන එක දිනයක්
පමණයි. ඒ හැරුණාම මම මේ දවස්වල මගේ ජීවනවිල මැද ප්‍රසංගය වෙනුවෙනුත් සූදානම් වෙනවා.
එය ලබන ජූලි, අගෝස්තු මාස වල පවත්වන්නට බලාපොරොත්තු වෙනවා.
|