නවාගේ වෙබ් අඩවිය අද දොරට වඩී
නවාගේ
වෙබ් අඩවිය අද දොරට වඩී
සංගීතවේදී නවනරත්න ගමගේ මේ දිනවල ටිකක් කාර්යබහුලයි. ඒ කාරණා දෙකක් හින්දා. නවාගේ
නිර්මාණ සහ ජීවන තොරතුරු ඇතුළත් වූ වෙබ් පිටුවක් සකස් කිරීම තමයි පළමුවැන්න.
එය අද
සවස බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති කමත නම් වූ එළිමහන් රංග
භූමියේදී පණ්ඩිත් අමරදේවයන්ගේ සුරතින් අන්තර් ජාලයට මුදා හැරෙනවා.
ඒ කටයුත්ත එහෙම
සිද්ධ වෙද්දී නවා තවත් වැඩකට අත ගහලා. තම වරිගයා වෙනුවෙන් හඬ නැගූ පනාමුරේ
හස්තිරාජයාගේ ජීවන සන්ධිස්ථාන අළලා සකස් වූ පනාමුර කුංචනාද සංධ්වනි රංගය නම් වූ
ප්‍රංසගය වෙනුවෙනුයි.
ඔහු ඊළඟට මහන්සි වෙන්නේ එම හස්තියා පිළිබඳ තොරතුරු ද නවාගේ
වෙබ් පිටුවේ සඳහන්. පනාමුරේ හස්තිරාජයාගේ සංස්කෘතික පාරිසරික විශ්වකාරණා ගැන ද
මෙහිදී ආචාර්ය සුනිල් විජේසිවර්ධන සහ ආචාර්ය ජයලත් මනෝරත්න විසින් පවත්වනු ලබනවා.
මෙම අවස්ථාව සංවිධානය කරනුයේ පනාමුර කුංචනාද නිර්මාණ කණ්ඩායම, ඓතිහාසික පනාමුර
හස්තිරාජ පදනම සහ මනරම් මීඩියා සොලියුෂන් ආයතනය මඟිනුයි.
ප්රසාද්
|