වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය කතාවක් ඇරැඹෙයි

ආදරණීය කතාවක් ඇරැඹෙයි

හෙළයේ මහා ගාන්ධර්වයාණෝ පණ්ඩිත් අමරදේව, මහාචාර්ය සුනිල් ආරියරත්න සහ විශාරද නන්දා මාලිනියගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය සවරින් හෝටලයේ පැවැති මුහුරත් උළෙලකින් අනතුරුව ප්‍රියන්ත කොළඹගේ සිය තෙවැනි සිනමා කෘතිය ආදරණීය කතාවක් වැඩ කටයුතු ආරම්භ කළේය.

චමින්ද ගමගේ නිෂ්පාදනයට එක්වන මෙහි බිමල් ජයකොඩි, හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය සහ අරුණි රාජපක්ෂ ප්‍රධාන චරිතයන්ට පිවිසෙති. ආදරණීය කතාවක් සමඟ නව සංගීත අධ්‍යක්ෂවරයකු ප්‍රියන්ත හඳුන්වා දෙයි. ඒ උදාර සමරවීරය.

ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. නලීන් ප්‍රේමතිලකගේ අංග රචනයකි. මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන් ද, පුෂ්පකුමාර රාජගුරු කැමරා අධ්‍යක්ෂණයෙන් ද එක්වන මෙහි ගී පද රචනා නිලාර් එන්. කාසිම්, උපුල් ශාන්ත සන්නස්ගල, චමින්ද ගමගේ, ප්‍රියන්ත කොළඹගේ සහ නන්දන වික්‍රමගේගෙනි.

ආදරණීය කතාවක් චමින්ද සමඟ ප්‍රියන්ත කොළඹගේ නිෂ්පාදනයෙන් එක් වෙයි.