|
T o p T e nමකුළු මිනිසා පෙරමුණේ
අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ මෙම සතියේ පෙරමුණ ගෙන සිටින්නේ ක්‍රියාදාම චිත්‍රපටයක් වන The Amazing Spider – Man 2 චිත්‍රපටය යි. මාර්ක් වෙබ් අධ්‍යක්ෂණය කළ The Amazing Spider – Man 2 පසුගිය සති අන්තය වන විටදී ඩොලර් මිලියන 91.6ක ආදාමක් උපයා ගන්නට සමත් විය. එහි ඇන්ඩෲ ග්‍රාෆීල්ඩ්, එමා ස්ටෝන්, ජැමී ෆොක්ස් ප්‍රධාන චරිත නිරූපණය කරති. කැමරුන් ඩයස්, පෙස්ලි මාන්, කේට් අප්ටන් රංගනයෙන් දායක වන හාස්‍යමය චිත්‍රපටයක් වන The Other Woman චිත්‍රපටය දෙවැනි ස්ථානයට පත් වෙන්නේ ඩොලර් මිලියන 14.4ක ආදායමක් වාර්තා කරමිනි. රැන්ඩල් වෙලන්ස් අධ්‍යක්ෂණය කළ Haven Is For Realචිත්‍රපටය අමෙරිකානු ප්‍රදර්ශනයේ තෙවැනි සතිය අවසනායේදී ඩොලර් මිලියන 8.6ක ආදායමක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයේ පසු වේ. ඩොලර් මිලියන 7.8ක සති අන්ත ආදායමක් ලද Captain America : The Winter Soldier චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ සිව්වැනි ස්ථානය හිමිකර ගෙන සිටියි. සංගීතමය පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන අඪධ - 2 මෙම සතියේ අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරේ පස්වැනි ස්ථානයට පැමිණෙන්නේ ඩොලර් මිලියන 7.7ක ආදාමක් වාර්තා කරමිනි. අමෙරිකානු ප්‍රදර්ශනයේ දෙවැනි සතිය ගත කරන චමෙලී ඩි ලාමරේ අධ්‍යක්ෂණය කළ Brick Mansions චිත්‍රපටය හය වැනි ස්ථානයේ පසුවෙයි. පෝල් වෝකර් සමඟින් ඩේවිඩ් බේල් ප්‍රධාන චරිත රඟන එය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 3.7ක ආදායමක් ලැබීය. අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරේ හත්වැනි සතිය ගත කරන Divergent චිත්‍රපටයට මෙවර ලැයිස්තුවේ හිමි වී ඇත්තේද හත්වැනි ස්ථානය යි. ජෝන් පෝග් අධ්‍යක්ෂණය කළ The Quiet Ones චිත්‍රපටයට අටවැනි ස්ථානය හිමි වී තිබේ. වෙස් ඇන්ඩසන් අධ්‍යක්ෂණය කළ The Grand Budapest Hotel චිත්‍රපටය නමවැනි ස්ථානයට පැමිණ ඇති අතර හැරල්ඩ් ක්‍රොන්ක් අධ්‍යක්ෂණය කළ God’s Not Dead චිත්‍රපටය දස වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබේ. |