|
විවිධ චරිත ඔස්සේ රංගනයෙන් ඉදිරියට යන කිංස්ලි වීරරත්න
වේදිකාවට පෙම් බැඳි කිංස්ලි සිංහල සිනමාවට පිවිසෙන්නේ සුගතපාල සෙනරත් යාපාගේ
‘පෙම්බර මධු’ චිත්‍රපටයෙනි. ගාමිණී හේවාවිතාරණගේ ‘රක්තා’ චිත්‍රපටය ද කිංස්ලිගේ
සිනමා දිවියේ සොඳුරු කඩඉමක් ලෙස සනිටුහන් විය. ‘පුංචි කාලයේ පටන්ම මම රංගනයට ගොඩාක්
ලැදි වුණා. වේදිකාවට වගේම සිනමාවටත් මම ගොඩක් ආදරය කළා. මගේ සිනමා ගමනේ අඩිතාලම
දැම්මේ සුගතපාල සෙනරත් යාපා හා ගාමිණී හේවාවිතාරණ මහත්වරුන්. ඒ වගේම ගාමිණී
ෆොන්සේකා, එච්. ආර්. ජෝතිපාල, විජය කුමාරණතුංග වැනි ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් එදා මට
දුන් උපදෙස් ගොඩක් වටිනවා. විජය කුමාරණතුංගයන් මට කිව්වේ පුළුවන් තරම් සිනමාවට
කිට්ටු වෙන්න කියලයි.’ විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරතව සිට විදෙස්ගත වූ කිංස්ලි යළිත් මෙරටට පැමිණ සිනමාවට පමණක් නොව පුංචි තිරයට ද සිය දායකත්වය ලබා දෙමින් සිටින්නේය. මේ දිනවල තිරගත වන සනත් අබේසේකරගේ ‘සිරි දළදා ගමනය’ චිත්‍රපටයේ චරිතයකට පණ පොවන කිංස්ලිගේ රංගනයන් ඉදිරියේදී ‘රංජා’, ‘අනගාරික ධර්මපාල’, ‘මහ රජ අජාසත්’, ‘දොස්තර නවරියන්’ චිත්‍රපට මෙන්ම විෂ්ණු සංක්‍රාන්ති ටෙලි නාට්‍ය ඔස්සේ ද දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. ‘ඇහැලේපොළ කුමාරිහාමි’, ‘මහරජ ගැමුණු’ චිත්‍රපටවල ද රංගනයට ඔහුට අවස්ථා උදා විය. ඉදිරියේදී රංගනයට ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබ ඇති කිංස්ලිගේ බලාපොරොත්තුව තවදුරරටත් විවිධ චරිත ඔස්සේ රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නටයි. එසේම එන්. විතානගේ, සුනිල් ධර්ම ශ්‍රී, සනත් අබේසේකර, සුනිල් සෝම පීරිස්, රුවන් චන්ද්‍රසිරි, රන්ජන් රාමනායක, සුගත් සමරකෝන්, ජයන්ත අබේරත්න, ලෙස්ලි සිරිවර්ධන ඇතුළුව සිය රංගන දිවියට සවියක් දුන් සියලු දෙනා කෘතඥතා පූර්වකව සිහිපත් කර සිටියි. |