කිෂානීී විශාඛාවට ගයන්නී
කිෂානී විශාඛාවට ගයන්නී
අන්තර් ජාතික කීර්තියට පත්
ශ්‍රී ලාංකික ගායිකා කිෂානී ජයසිංහගේ ඔපෙරා ප්‍රසංගය
‘කිෂානී විශාඛාවට ගයන්නී’ මැයි මස 11 වෙනිදා සවස 7 සිට කොළඹ විශාඛා විද්‍යාලයීය
ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.
විශාඛා විද්‍යාලයීය දීප්තිමත් ආදි ශිෂ්‍යාවක වන කිෂානී එක්සත් ජනපදයේ රෝයල් ඔපෙරා
හවුස් හී ඒකල සොප්‍රානෝ ශෛලියෙන් ගැයූ ප්‍රථම ශ්‍රී ලාංකිකයාය.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ හැට වැනි උපන් දිනය නිමිත්තෙන් එංගලන්තයේ
බකිංහැම් මාලිගයේ පැවැති උත්සවයේදී සොප්‍රානෝ ගායනා ඉදිරිපත් කිරීමට ද ඇයට අවස්ථාව
ලැබිණි. 2008 වසරේදී එම අවස්ථාව උදාවිණි.
විශාඛා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රසංගයේදී
කිෂානී සොප්‍රානෝ ශෛලියේ සරල ගායනයේ යෙදෙන අතර මෙහිදී පියානෝ වාදනයෙන් සෞන්දරී
ඩේවිඩ්, බටනලා වාදනයෙන් සුරේඛා අමරසිංහ, වයලීන් වාදනයෙන් සතිෂ් කාසිචෙට්ටි සහ චෙලෝ
වාදනයෙන් ෂමිස්ත ද සිල්වා නිර්මාණශීලි දායකත්වය ලබා දේ.
මෙම ප්‍රසංගයෙන් ලැබෙන ආදායම විශාඛා විද්‍යාලයීය සෞන්දර්ය අධ්‍යයන ශාලාවේ සංවර්ධන
කටයුතු සඳහා වෙන් කෙරේ.
|