|
ටී. වී. එකේ ඩාන්සින් කරලා සති දෙකක් පන්ති තහනම්
මට එහෙම පහුවදා මගේ දෑහින්ම දැක්ක දර්ශනේ මතක් වෙද්දි පුදුම බයක් දැනුණා. එහෙම හිතට
දැනුණු බයට මං දෑතින් ඇස් වහගත්තේ අම්මා පරෙස්සමට මං ඇස් වහගන්න අත් උස්සද්දී මගේ විතරක් නෙවෙයි මාව වඩාගෙන ඒදණ්ඩක් වගේ පුංචි පාලමෙන් එගොඩ වෙවී හිටිය අම්මගෙත් ඇස් වැහිලා. බයට මගේ තිබිච්ච දැඟලිල්ලට මාව වඩා ගත්ත අම්මවත් එහාට මෙහාට වැණුනා. මට නම් මතක මෙච්චරයි. එක පාරට ඇඟ සීතල වුණා. ඇස්වලට නිල්ම නිල් පාටක් මගේ දිහාවට එනවා පෙනුණා. ගෙඟ් පොව්වන්නෙ නැති වතුරෙ මං දඟලලා. අම්ම මටත් වඩා බය වෙලා තිබුණේ මගේ ජීවිතේට අනතුරක් වෙයි කියලා හිතලා. වතුරට වැටෙද්දි අතෑරුණත් චුට්ට වෙලාවකින් මං අම්මව බදාගෙන. අම්මත් බදාගෙන පණ බේරගන්න දඟලන මාව වාසනාවට එතැනින් යන එන කෙනෙක් දැකල ගොඩට ගෙනත්. ඒත් ඊට පස්සෙත් දවස් ගානක්ම මට මොන්ටිසෝරි යන්නත් බැරි වුණා. ගෙඟ් බොර වෙච්ච මඩ වතුර පෙවිච්ච මං අසනීපෙන් හිටිය හැටි මට තවමත් හොඳට මතකයි. මේ කාලෙදි අම්මල යද්දි අපිවත් ෆිල්ම් බලන්න එක් කරගෙන යනවා. මගේ පෙරැත්ත කිරිල්ලට අම්මල එක ළඟ පෙළට ඉඳ ගන්නෙත් ෆිල්ම් හෝල් එකේ ඉස්සරහම පේළියේ. මේ පේළියේම ඉන්න ආස කරන්න මට ලොකු හේතුªªවක් තියෙනවා. ෆිල්ම් එක පටන් ගන්න කලින් හුඟ වෙලාවක් සින්දු දාල තියෙනවනේ. ඒ වෙලාවෙදි ඉස්සරහම පේළියේ ඉඳගත්තම මට තිරේ පාමුල අඩ කවයක් වගේ තියෙන පුංචි වේදිකාවේ නටතහැකි. ඒ වගේ ඉස්සර ෆිල්ම් එකක් බලන්න ගියාම අපේ ගෙදර කට්ටියට ෆිල්ම් එකට අමතරව තට්ටු තට්ටු ගවුම් ඇඳගෙන මං නටන නැටුම් බලන්නත් පුළුවන්. ෆිල්ම් හෝල් එකේ මං නටනව දැකලා සමහරු අත්පොඩි ගහනවා. ඒ ආසාවට හෝල් එකෙන් එළියට ගිහින් බස් එකේ යද්දිත් නටන්න බැරි වුණත් මං ජනේලයෙන් ඔළුව එළියට දාගෙන හයියෙන් කෑ ගගහ සිංදු කිය කියා යනවා. හැබැයි එපැයි කියද්දිත් එහෙම කරද්දී අම්ම කොනිත්තල මං ඇඬුව දවසුත් තියෙනවා. මොන්ටිසෝරි ගිය ඔය කාලෙදිම මං බැන්ඩ් එකටත් හිටියා. ඉස්කෝලෙදි නම් හුඟක් ආසා කළේ ක්‍රීඩාවලට. මං ඉස්කෝලේ නෙට්බෝල් ටීම් එකෙත් හිටියා. ක්‍රීඩාව හැරුණාම ඊළඟට ආසා කළේ නැටුම්වලට. ඉස්කෝලේ විශේෂ උත්සවයකදී නැතිනම් විවිධ ප්‍රසංගයකදී නැටුම් විශේෂාංගයක් කෙරුණොත් ඒකට මගේ නමත් යෝජනා වෙනවාමයි. මං මේ කියන කාලෙ වෙද්දී මං හිටියේ ඉස්කෝලේ හතර වසරේ. අමරදේව මාස්ටර්ගේ ‘සිනිඳු සුදු මුදු තලාවේ’ තමයි ගීතය. ඒ සින්දුවට හැදුව ලස්සන නැටුමකට මටත් ඉන්න ලැබුණා. ඩාන්සින්වලට අමතරව මහදැනමුත්තගේ අන්දරේගේ වේදිකා නාට්‍යවලට මං රඟපාලා තියෙනවා. අරලිය පත්තරේ කවරෙකට තමයි ජීවිතේ මුල්ම වතාවට මං හිටියේ. එතකොටත් මං ඉස්කෝලේ හයේ පන්තියේ. මං ආසාවට ඒ පින්තූරෙට හිටියට ඒ වගේ දේවල් ඉස්කෝලෙන් අපිට තහනම්. ටීචර්ලත් ඒක දකියි කියලා මං එදා එච්චර දුරට හිතුවෙත් නෑ. ඒත් ටීචර් කෙනෙක් පත්තරේ බලල විතරක් නෙවෙයි පත්තරේ ඉස්කෝලටත් ගෙනැත් තිබුණා. මීට පස්සේ මේ වගේ එහෙම දේවල් කරන්න එපැයි කියලත් මට අවවාද කෙරුවා. පත්තරේ පින්තූරේ වැටිල යන්තම් බේරුණත් ඊට අවුරුද්දකට පස්සේ ටී. වී. එකේ ඩාන්සින් ප්‍රෝග්‍රෑම් එකකට මං නටන්නත් ගියා. ඒ පාර නම් අරලිය පත්තරේ මාව දැක්ක ටීචර් මාව දැකල නෑ. ඒත් ඊට වඩා දරුණු කෙනෙක් මං රංගධාරා කියන ඒ වැඩ සටහනේ නටනව දැකලා. ඒ වෙනින් කවුරුවත් නෙවෙයි අපේ වයිස් ප්‍රින්සිපල්. අපේ මේ සර් නොදැක පත්තරේ වගේ ටීචර් කෙනෙක් දැක්ක නම් හොඳයි කියලා මට හිතුණේ තරවටු කරලා අතාරින්නේ නැතිව ඒ සර් හතේ පන්තියේ හිටිය මට සති දෙකක්ම පන්ති තහනමක දඬුවමකුත් දුන්න නිසයි. දඬුවම් වින්ඳත් නටන්න තියෙන ආසාව නම් පොඩ්ඩක්වත් අඩු වුණේ නෑ. ඕ ලෙවල් කරන කාලෙදි මට ඕනෑ වුණේ මගේම ෂෝ එකක් කරන්න. මං ළමයි විසි පස් දෙනෙක් එකතුªª කරගෙන ඩාන්සින් ගෲප් එකකුත් හදා ගත්තා. මොරටුවේ සර්වෝදය ශාලාවේදි තමයි අපේ නැටුම් සන්දර්ශනේ තිබුණේ. එතැනින් පස්සේ දිගටම එක එක සන්දර්ශනවලදී නැටුම්වලට අපිට ආරාධනා ලැබුණා. ඉරිදා උදේට සතියක් හැර සතියක් මටයි චන්දන වික්‍රමසිංහටයි රූපවාහිනි නාළිකාවක අපේ නිර්මාණ එළි දක්වන්නත් මඟ පෑදුණා. ලොතරැයි වෙළෙඳ දැන්වීමක චූටි කෑල්ලකට තමයි ඉස් ඉස්සෙල්ලම හිටියේ. ඒත් හුඟ දෙනකුට මුහුණුවරින් මාව මතක හිටියේ මුත්තයියා මුරලිදරන් එක්ක සෝයා මීට් වර්ගයක කමර්ෂල් එකකට හිටියාමයි. ‘මුත්තයියා හවස ගෙදර ඇවිදින්. මං ගෙට වෙලා අපිට කෑම හදනවා’ මේ ටික දැක්ක සමහරු හිතුවේ මං මුත්තයියගෙ ගර්ල් ෆේරන්ඩ් නැතිනම් වයිෆ් කියලා. පුංචි තිරෙන් පෙරේරාට එරෙහිව කුරේරා ටෙලියෙදිත් මාව රටේ හුඟ දෙනෙක් දැකගත්තා. මෑතකදීම සුන්දරම දවස් ගණනාවක් අතරතුර ඇස් රතු වෙච්ච දවසකුත් තියෙනවා. ඒ ස්වර්ණපාලි ටෙලියේ රූගත කිරීම්වලදී. එදා ලොකේෂන් එකට අශ්වයෙක් ගෙනැත් තිබුණා. කඩුවකුත් අරගෙන අශ්වයා පිටේ නැගලා යන්න හිටියේ මං. මං ඒ විදියට කඩුවත් අමෝරාගෙන ඒ සීන් එක කර කර හිටියා. ඒත් එක පාරටම දුව දුව හිටිය අශ්වයා මාව වැට්ටුවා. කකුලක් විතරක් නෙවෙයි මගේ කොන්දත් කෙටුණා. ඒ වේදනාව නම් ඊළඟ දවසෙත් ෂූටිං නවත්වන තුරුම තිබුණා. මං, හිමාලි සිරිවර්ධන
|