වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




එලිසබෙත් ටේලර්ගේ හොඳම රසිකයෙක්

එලිසබෙත් ටේලර්ගේ හොඳම රසිකයෙක්

දයාන් විතාරණ මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. ඒ වගේම සරසවියේ හිතවත් පාඨකයෙක්. පසුගිය දවසක සරසවිය පත්තරය බලපු දයාන් අපිට කෝල් එකක් දුන්නා. සුරූපී හොලිවුඩ් රංගන ශිල්පිනියක වන එලිසබෙත් ටේලර් ලංකාවට ආවේ නැහැ කියලා පත්තරේ පළ වුණත් එලිසබෙත් ටේලර් ලංකාවට ඇවිත් තියෙනවා කියලා දයාන් කිව්වා.

‘දයාන් කොහොමද හරියටම දන්නේ ඇය ලංකාවට ආවා කියලා’. අපිත් දයාන්ගෙන් ඇහුවා. ‘ඇත්තටම එලිසබෙත් ටේලර් ලංකාවට ඇවිත් තියෙනවා. පොළොන්නරුවේදී ඇය ඡායාරූප පවා අරගෙන තියෙනවා. මම පුංචි කාලයේ පටන්ම ඇයගේ රසිකයෙක්. ඇයගේ විස්තර සඳහන් කෘති ඇතුළු බොහෝ සටහන් වගේම ඡායාරූපත් මම එකතුª කරලා තියෙනවා’ දයාන් අපට කිව්වා.