වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




ගිනි අවි සහ ගිනිකෙළි අරන්

ගිනි අවි සහ ගිනිකෙළි අරන්

ගායන ශිල්පී මාරියෝ ආනන්ද

මම නම් මේ දවස්වල ඉන්නේ හරිම සතුටින්. ඒ ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි නාට්‍ය නිසා. මගේ ප්‍රථම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය එහි ඇතුළත්. මේ දවස්වල එයට හොඳ ප්‍රතිවාර ලැබෙනවා. ඒ වගේම මගේ ප්‍රථම සංචාරය ලෙසින් පසුගියදා කුවේට්හි සංචාරයක නිරත වෙන්නත් අවස්ථාව ලැබුණා.

ඉදිරියේදී මගේ ඔන්කෝ සංගීත කණ්ඩායම සමගත් සංචාරයන් කිහිපයකම යෙදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ සතියට මගේ උපන්දිනයත් යෙදිලා තියෙනවානේ. ඒ දවස මහරගම පිළිකා රෝහලේ ළමුන් සමඟින් ගත කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඊට අමතරව අධ්‍යාපන කටයුතුත් කරගෙන සාමාන්‍ය පරිදි සැහැල්ලුවෙන් කාලය ගත කරනවා.