|
විකෘතියක්ද ? ඔව් ප්‍රතිචාර හොඳයිදිලිප් පෙරේරා
කාලෙන් කාලයට විවිධ හැකියාවන් තිබෙන අය කරළියට එන යුගයක, ගීත කනපිට හරවා ගයන දක්ෂයෙකු පසුගියදා සරසවිය පුවත්පත සමඟ කෙටි පිළිසඳරක යෙදුනි. ඔහු නමින් දිලිප් පෙරේරාය.
කොහොමද කනපිට සිංදු කියන්න ඉගෙන ගත්තේ? අවුරුදු හතේ අටේ කාලේ ඉඳලම සහෝදරයන් දෙදෙනා සමඟ වචන කනපිට පෙරලමින් කතා කරන්න පුරුදු වුණා.
වචන කනපිට පෙරලලා කියද්දී මට හිතුණා ගීතත් කනපිටට ගයන්න. එහෙම හිතලා ලංකාවේ ජනප්‍රිය ගීත කනපිට හරවලා ගැයුවා.
ඇයි ජනප්‍රිය ගීත පමණක් තෝර ගත්තේ? මිනිස්සුන්ට කනට නුහුරු අලුත් ගීත කනපිට හරවලා කිව්වට මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. ඒ නිසා ජනප්‍රිය ගීත මිනිස්සුන්ට දැනෙන විදිහට ශ්‍රැතියට කනපිට පෙරලලා ගැයුවා.
මේ හැකියාව මුලින්ම හඳුනා ගත්තේ ස්වර්ණවාහිනියේ කොමඩිස්ටාර් වැඩ සටහනේදී? එහිදී හැම දෙනාම අලුත් දෙයක් ඉදිරිපත් කළා. මමත් අලුත් දෙයක් විදිහට මේ හැකියාව එතනදි පෙන්නුවා. ජජ් බෝඩ් එකේ අයට මේක අලුත්ම දෙයක් වුණා. ඒ අයත් මට ඉදිරියට යන්න උදව් කළා.
ඔබ ගැයූ ජනප්‍රිය කනපිට ගීත මොනවාද? එම්. එස්. ප්‍රනාන්දුගේ කැකිරි පැලෙන ටිකිරි සිනාවයි ගීතය, නිහාල් නෙල්සන්ගේ දාං දීං දිනක නදිං ගීතය, මොහිදින් බෙග් ගයන ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා ගීතය.
අනුන්ගේ ගීත මේ විදියට ගැයීම වරදක් නේද? ඔව්.
ඔවුන් ඔබට චෝදනා කළොත්? මම හිස නමා ඔවුන්ගෙන් සමාව ගන්නවා.
මෙය ගීත විකෘති කිරීමක් නේද? ඔව්. නමුත් මෙයට හොඳ ප්‍රතිචාර තිබෙනවා.
මෙවැනි ගීත ගායනා කිරීමේ අරමුණ? හොඳ ගීතවලට අද තැනක් නෑ. ශාස්ත්‍රීය ගීත අහන්න රසිකයෝ හිටියට වැඩක් නෑ. අද චැනල්වලින් ඒවාට ලැබෙන ඉඩකඩ මදි. ඒ නිසා වෙනසක් කරන්න හිතාගෙන මේ වගේ දෙයක් කළා. ඒ වගේම මම මේ දේවල්වලින් ආත්ම තෘප්තියක් ලබනවා.
ඔබ කනපිට ගීත පමණද කියන්නේ? නෑ. මට කතාන්දර කියන්න පුළුවන්. පත්තර කියවන්නත් පුළුවන්. ඒ වගේම වචන දන්නව නම් ඉංග්‍රීසි, දෙමළ, හිංදි වුණත් ගායනා කරන්න පුළුවන්.
මේ කටයුත්තට උදව් උපකාර ලැබෙනවාද? ඔව්. ජිප්සීස් නායක සුනිල් පෙරේරා මට උදව් කරනවා. පුද්ගලික ආයතන දෙකකුත් මට උදව් කරන්න කතා කළා.
මේ වෙනසට තිබෙන ප්‍රතිචාර කොහොමද? හොඳ ප්‍රතිචාර තිබෙනවා. සමහර අය මඟදී හමුවුණාම අර සිංදුව කියන්න කියලා කියනවා. ඔබගේ දුරකතන අංකය – 0770709468.
|