|
ලොස් ඇන්ජලිස් හි තරුණියන්ගේ ලේ සුවඳට ඉවකළ කළු කුමාරයා, ‘බ්ලැකි්යුලා’
හැත්තෑව දශකයේ ලංකාවේ වෙළෙඳපොළේ ‘වූඩු’ නමින් සුවඳ පුයර වර්ගයක් විකිණීමට තිබිණ. ඒවා අසුරා තිබුණේ සිලින්ඩරාකාර තද කොළපාට ටින්වලය. කොළපැහැ පසුබිම මත රන්වන් පැහැයෙන් මුද්‍රණය කොට තිබුණේ අපි‍්‍රකානු සංකේත විශේෂයකි. ‘වූඩු’ යනු අපි‍්‍රකානු මහාද්වීපයට අවේනික ගුප්ත යකැදුරු ක්‍රම වේදයකි. ඊට අදාළ මන්ත්‍ර සහ යාග විධි ක්‍රම මඟින් මළ සිරුරක් නැගිටුවාලීමට හැකි යයි විශ්වාසයක් ද ඇත. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ වෙසෙන කළු ජාතික යක් දෙස්සියක් වන ‘මමා ලෝවා’ වියපත්ව මිය යනවිට ඇගේ අනු ප්‍රාප්තිකයා ලෙස පත්කරන්නේ තම ප්‍රධාන ගෝලයා වන ලීසා පෝටියර් නම් රූබර තරුණියකි. මහලු යක් දෙස්සිය වෙතින් මනාලෙස ‘වූඩු’ ශාස්ත්‍රය හදාරා තිබීමත් කළු ජාතික තරුණියක් වීමත් ඇයට මෙම තනතුර හිමි වීමට හේතු විය. එහෙත් යක් දෙස්සිය ගේ දඩබ්බර පුත්‍රයා ‘විලිස්’ මෙය නුරුස්සන්නේ මවගෙන් පසු එම තනතුර තමාටම උරුම විය යුතුය යන අරමුණෙනි. ලීසා ගෙන් පළිගැනීමේ අදහස ඇතිව ද්වේශයෙන් පිටවී යන ඔහු මිනී ඇට කටු හා භෂ්මාවශේෂ ස්වල්පයක් සපයාගෙන තටුවක් සාදා හුදෙකලාව ‘වූඩු’ මන්ත්‍ර ජපකරමින් යාගයක් පවත්වා තමාට අවනත මළ පිල්ලුවක් නිර්මාණය කිරීමට උත්සාහ ගනියි. කෙසේ හෝ මෙම යාගය සඳහා ඔහු උපයෝගී කොටගෙන ඇත්තේ ‘බ්ලැකි්යුලා’ ගේ ඇට කටු බව ඔහු දැන සිටියේ නැත. අනපේක්ෂිත ලෙස අවසානයේ ජීවමාන වෙන්නේ ‘බ්ලැකි්යුලා’ නම් ලේ පිපාසිත අමනුෂ්‍යයා මිස, විලිස්ගේ අණසකට නතු වන පිසාචයකු නොවේ. ජීවය ලද සැනින් විලිස් ගේ බොටුවට පැන ලේ උරා බොන ‘බ්ලැකි්යුලා’ ඔහු තමාගේ ප්‍රධාන අතවැසියා බවට පත්කර ගනිමින් ලොස් ඇන්ජලිස් නගරය පුරා තම අණසක පතුරවන්නට පටන් ගන්නේ මේ අයුරිනි. නගරය පුරා සීඝ්රයෙන් පැතිර යන භීෂණයේ සුලමුල සොයා ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන ලුතිනන් හාලි ගේ සහායට එන්නේ හිටපු පොලිස් නිලධාරියකු වන ජස්ටින් කාටර් ය. සුරූපී ලීසා පෝටියර් ඔහුගේ පෙම්වතියයි. දිනක් රාත්‍රී සාදයක දී ජස්ටින් සහ ලීසාට බ්ලැකි්යුලා මුණ ගැසෙයි. එහිදී ලීසා ‘වූඩු’ ගුප්ත ක්‍රම මනාව ප්‍රගුණ කළ යක් දෙස්සියක් බව ඔහු වටහා ගනී. මේ අතර බ්ලැකි්යුලා ලැගුම්ගෙන සිටින විලිස් ගේ සුවිසල් නිවෙසට යන එන තරුණ තරුණියන් කිහිප දෙනෙක් බ්ලැකි්යුලා ට ගොදුරු වී ලේ උරා බොන්න බවට පත් වී සිටින අතර විලිස් ගේ පෙම්වතිය වන ග්ලෝරියා ද එවැන්නියකි. දිනක් ලීසාව හුදෙකලාව කොටු කරගන්නා බ්ලැකි්යුලා ‘වූඩු’ ගුප්ත ක්‍රම භාවිත කොට ඔහුව මෙම ‘ඩ්‍රැකි්‍යුලා සිටුවරයා’ ගේ ශාපයෙන් මුදාගන්නා ලෙස බලපෑම් කරයි. ඒ අනුව බ්ලැකි්යුලා ගේ හැඩයට සාදා ගත් රූකඩයක් තටුවක තබා ‘වූඩු’ මන්ත්‍ර ජපකරමින් යාගය සිදුකරන ස්ථානයට ජස්ටින්, ලුතිනන් හාලි ඇතුළු පොලිස් පිරිස කඩා වැදීමෙන් ඇතිවන්නේ විශාල ගැටුමකි. වෙඩි උණ්ඩවලින් මරා දැමිය නොහැකි වැම්පයවරුන් බොහොමයක් ජස්ටින් අත ඇති ලෝහමය ඊතලවලින් ඝාතනය කෙරෙයි. එහෙත් අවසානයේ ඔහු බ්ලැකි්යුලා ගේ දෑතට මැදිවෙයි. පිසාචයාගේ අසීමිත ශක්තිය හමුවේ අඩපණ වන ජස්ටින් ගේ ලේ උරා බීමට මොහොතකට කලින් ලීසා තමා අසල වූ ඊතලයකින් බ්ලැකි්යුලා ගේ රූකඩ අනුරුවේ පපුව පසාරු කරන්නේ ‘වූඩු’ මන්ත්‍ර හඬ නඟා ජප කරමිනි. එකෙනෙහිම හිරිකිත මරළතෝනි හඬ නිවෙස පුරා දෝංකාර දෙද්දී බ්ලැකි්යුලා ගේ බිහිසුණු රූපකාය අහෝසි වී යන්නේ පෙම්වතුන් දෙදෙනාට අස්වැසිල්ලක් ලබා දෙමිනි. 1972 ‘බ්ලැකි්යුලා’ චිත්‍රපටයෙන් ලද සාර්ථකත්වය මත තවත් එවන් චිත්‍රපටයක් කරා යාමට අදහස් කළ ඇමෙරිකන් ඉන්ටර්නැෂනල් පික්චර්ස් සමාගම 1973 දී නිෂ්පාදන කටයුතු ඇරඹූ චිත්‍රපටය හැඳීන්වූයේ ‘බ්ලැකි්යුලා ඉස් බියුටිෆුල්’ සහ ‘බ්ලැකි්යුලා ලයිව්ස් අගේන්’ යන නම් වලිනි. එහෙත් අවසානයේ එය ‘ස්ක්‍රීම් බ්ලැකි්යුලා ස්කිම්’ නමින් ප්‍රදර්ශනයට පැමිණියේය. අධ්‍යක්ෂණය කළේ බොබ් කෙල්ජාන් විසිනි. නිෂ්පාදනය ජෝශප් ටී. නාර් ගෙනි. මොරිස් ජුල්ස්, රේමන්ඩ් කෝනිග් සහ ජෝන් ටොරස් ගේ තිර රචනයකි. බිල් මාර්ක්ස් ගේ සංගීතයෙන් සහ ඉසඩෝර් මැන්කොව්ස්කි ගේ කැමරා කරණයෙන් චිත්‍රපටය වර්ණවත් විය. පවර් ප්‍රොඩක්ෂන් චිත්‍රාගාරයේ දී සංස්කරණ කටයුතු සිදු කරන ලද්දේ ෆේබියන් ටෝජ්මන් විසිනි. සුපුරුදු ලෙස බ්ලැකි්යුලාගේ චරිතයට පණ පෙවූයේ විලියම් මාෂල් විසිනි. එවකට අමෙරිකාවේ ‘වැඩිහිටියන්ට පමණයි’ ලේබලය යටතේ වූ චිත්‍රපට ගණනාවක රඟපෑ සුරූපී කළු ජාතික නිළියක් වන පෑම් ග්රයර්, ප්‍රධාන නිළි චරිතය වූ ලීසා පෝටියර් ගේ චරිතය නිරූපණය කළාය. විලිස් ලෙස රිචඩ් ලෝසන් ද ජස්ටින් කාටර් ලෙස ඩොන් මිචෙල් ද ලුතිනන් හාලි ලෙස මිචෙල් කොන්රඩ් ද රංගනයට එක්විය. සෙසු චරිත රඟපෑවෝ ජැනී මිචෙල් සහ බාබරා රෝඩ්ස් ය. රූ ගත කිරීම් බොහොමයක් ලොස් ඇන්ජලිස් හි සිදුකර ඇති අතර පොලිස් නිලධාරීන් හැර අනෙක් සියලු චරිතවල කළු ජාතිකයින් පමණක් පෙනීසිටීම විශේෂත්වයකි. රාත්‍රී සමාජශාලා සියල්ලද කළු ජාතිකයන්ට පමණක් සීමා කරන ලද ඒවා විය. 1973 ජුනි 27 වැනිදා ප්‍රසිද්ධ මහජන ප්‍රදර්ශනයට මුදාහල ‘ස්ක්‍රීම් බ්ලැකි්යුලා ස්ක්‍රීම්’ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියනයකි. එම්. ජී. එම්. සමාගම විසින් 2004 දී චිත්‍රපටයේ ඩී. වී. ඩී. තැටියක් වෙළෙඳපොළට නිකුත් කළ අතර මේ වන විට එහි එකදු පිටපතක් වෙළෙඳපොළෙහි දක්නට නොමැත. 2010 වසරේ දී යළිදු එම්. ජී. එම්. සමාගම විසින් ඩිජිටල් තාක්ෂණය අනුව ප්‍රති නිර්මාණය කරන ලද පිටපතක් ප්‍රසිද්ධ රූපවාහිනී නාළිකාවල ප්‍රචාරය සඳහා නිකුත් කරන ලදී. මීළඟට මිසරයේ මායා රැජන වන තාරා දේවියගේ ශාපය, ‘බ්ලැක් ෆේරාම් ද මමීස් ටොම්බා’
|