දීපිකා - ප්‍රියංකා අත් අඩංගුවට
දීපිකා - ප්‍රියංකා
අත් අඩංගුවට
බොක්ස් ඔෆිස් වාර්තාව ගැන සිතා සතුටුවීමට රාම්ලීලා කණ්ඩායමට වැඩි කාලයක් ලැබුණේ
නැත. ඔවුන් පසුපස ආගමික අන්තවාදීන් පන්නන්නේ සිනමාපටය රූගත කරන කාලයේ සිටය. දැන්
ආගමික අන්තවාදීන් නීතියේ රැකවරණය ද ලබමින් සිටියි. රන්වීර් සිං, දීපිකා පදුකෝන් සහ
සංජේ ලීලා බන්සාලි ඇතුළු රාම්ලීලා කණ්ඩායම අත් අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත්කර
ඇත. සිනමාපටයෙන් හින්දු ආගමික විශ්වාසයන්ට පහර වදින බවට අන්තවාදී හින්දු බැතිමත්තු
විශ්වාස කරති.
පූනම් පාන්ඩේට ද චෝදනා එන්නේ වැල් පොලියටය. පසුගියදා ඇය මූම්බායි පොලිස් භාරයට
ගැනුණේ සොයුරා සමඟ රිය පැදවීමේදී අවිනීත ලෙස හැසිරීම නිසයි. පූනම් සිරගත කෙරුණු බවට
ද කට කතා පැතිරිණි.
පූනම් ගමන් කළ වාහනය පදවා ඇත්තේ සොයුරායි. මීරා වීදියේ මොහොතකට වාහනය නතර කළ විට
පොලිසිය පැමිණ වීනාගෙන් ප්‍රශ්නකර තිබේ. ඇයගේ කෙටි ඇඳුම ප්‍රශ්න කිරීමට හේතු වී
ඇතත්, වීනා පවසන්නේ මූම්බායි තරුණියන් එසේ කෙටි ඇඳුමකින් සැරසීම ඉතා සාමාන්‍ය බවය.
ඔවුන් වාහනය නැවැත්වූවේ අයථා කටයුත්තකට බවට සැක කළ නිසා පොලිසිය ප්‍රශ්නකර තිබේ.
චම්පිකා දීපානි රණසිංහ
|