වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




සෙංකඩගල රාජසිංහට නළු නිළියන් ඕනෑ

සෙංකඩගල රාජසිංහට නළු නිළියන් ඕනෑ

සම්මුඛ පරීක්ෂණය තෙදිනක්

සම්මානනීය අධ්‍යක්ෂ සුදත් රෝහණගේ දෙවැනි සිනමා සිතුවම සෙංකඩගල රාජසිංහ හී රූගත කිරීම් එළඹෙන අගෝස්තුවේදී ඇරැඹීමට නියමිතය. අති විශාල නළු නිළියන් ප්‍රමාණයක් රංගනයේ යෙදෙන සෙංකඩගල රාජසිංහ සමඟින් නවකයන් රැසක් තිරයට හඳුන්වා දීමට ද අධ්‍යක්ෂවරයා අපේක්ෂා කරයි.

ඔවුන් තෝරා ගැනීමේ මූලික සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 17, 18, 24 යන දිනයන්හී අංත 275/74, ස්ටැන්ලි විජේසුන්දර මාවත, කොළඹ 07 ලිපිනයෙහි ඇති බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත් වෙයි.