වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




හැකියාවන් බොහොමයකින් පිරි ජෙනිටස් පෙරේරා

හැකියාවන් බොහොමයකින් පිරි ජෙනිටස් පෙරේරා

චන්ද්‍රන්රත්නම් ගේ ‘මැතිව් පීරිස්’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන ජෙනිටස් පෙරේරා සංගීතය, ගායනය, නර්තනය, මෝස්තර නිරූපණය ආදී බොහෝ හැකියාවන් සතුකර ගත් කරාතේ කළුපටි ක්‍රීඩකයකු ද වන ඔහු හසන් කාලිඩ් ගුරුතුමන් යටතේ ආයුධ සටන් ක්‍රම පිළිබඳ මේ දිනවල හැදෑරීමක නිරතව සිටී. විශාරද එඩ්වඩ් ජයකොඩි යටතේ සංගීතය හැදෑරූ ඔහු ගීත ගායනයට ද දක්‍ෂතා පෙන්වයි.

රෝලන්ඩ් නුගේපතා ගුරුතුමන් යටතේ යෝග පිළිබඳ ප්‍රගුණ කොට ඇති ඔහු නිලාන් මලිගැස්පෙ යටතේ බැලේ නර්තනය ද උපුල් ගුණවර්ධන යටතේ අනෙකුත් නර්තනයන් ද හදාරා ඇති ජෙනිටස් ප්‍රියන්ත සමරකෝන් ගේ ‘මුහුදු දඩයම’ කෙටි චිත්‍රපටයේ ද චරිත නිරූපණය කළේය.

අවුරුදු දා, සිරිවාසල, සත්‍යා, නත්තල් කුමාරි ආදී ටෙලි නාට්‍යවල රඟමින් පුංචි තිරයට එක් වූ ඔහු පවුරු බැඳි රාජ්‍යය, රාස්සිගේ අව්ව, රෝමියෝ ජුලියට්, භාව විරේක ආදී වේදිකා නාට්‍යයන් සඳහා ද රංගනයෙන් දායක විය. ජෙනිටස් බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවෙකි.

32 ඊ, උද්‍යාන පාර, රත්මලාන ඔහු ගේ ලිපිනයයි.