|
|
T o p T e nලුසී පෙරට
විද්‍යාප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Dawn of the Planet of the Apes චිත්‍රපටයට සිටින්නේ තෙවැනි ස්ථානයේය. අමෙරිකානු ප්‍රදර්ශනයේ තෙවැනි සතිය ගත කරන එය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 16.8ක් වාර්තා කළේය. පසුගිය ජුලි 18 වැනිදා සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ ඊඩඥ ර්‍ථභපඨඥ : ඒදචපජඩර චිත්‍රපටය ඩොලර් මිලියන 10.5ක සති අන්ත ආදායමක් ලබා සිව්වැනි ස්ථානයට පැමිණ සිටියි. ජේම්ස් ඩිමොනාකෝ අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන එහි ෆ්‍රෑන්ක් ග්‍රිලෝ, කාමෙන් එජොගෝ, සැච් ගිල්ෆෝර්ඩ් ප්‍රධාන චරිත මවති. රොබර්ට් ගැනවේ අධ්‍යක්ෂණය කළ The Purge : Anarchy චිත්‍රපටය ඩොලර් මිලියන 9.5ක් ලබා පස්වැනි ස්ථානයේ සිටින අතර හාස්‍යමය චිත්‍රපටයක් වන And So It Goes ඩොලර් මිලියන 6.1ක සති අන්ත ආදායමක් ලබා හයවැනි ස්ථානය හිමිකර ගෙන සිටියි. අමෙරිකානු ප්‍රදර්ශනයේ පස්වැනි සතිය ගත කරන විද්‍යාප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Planes : Fire & Rescue චිත්‍රපටයට මෙම සතියේ හිමි වී ඇත්තේ හත්වැනි ස්ථානය යි. පසුගිය ජුලි 25 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ Sex Tape චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට පෙළෙහි අටවැනි ස්ථානයට පැමිණ ඇත. හාස්‍ය මුසු වූ ප්‍රේමණීය කතා පුවතක් ගෙන එන මෙහි මයිකල් ඩග්ලස්, ඩයන් කීටන්, ස්ටාර්ලින් ජෙරින්ස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. And So It Goes රෝබ් රේනර්ගේ අධ්‍යක්ෂණයකි. නමවැනි ස්ථානය Tammy චිත්‍රපටයට සහ දසවැනි ස්ථානය ඒ A Most Wanted Man චිත්‍රපටයට හිමි වී ඇත. ත්‍රාසජනක කතා පුවතක් ගෙන එන චිත්‍රපටයක් වන ඒ A Most Wanted Man පසුගිය ජුලි 25 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළේය. ඇන්ටන් කෝබ්ජන් අධ්‍යක්ෂණය කළ මෙහි ග්‍රෙගරි ඩොබ්රිජන්, පිලිප් සෙමෝර් හොෆ්මන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. |



අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ මෙම සතියේ පෙරමුණ ගෙන සිටින්නේ ලුක්
බෙසන් අධ්‍යක්ෂණය කළ Lucy චිත්‍රපටය යි. පසුගිය ජුලි 25 වැනිදා සිට ලොවපුරා
ප්‍රදර්ශනය ආරම්භ කළ විද්‍යාප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Lucy සිය පළමු සති
අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 43.9ක්. ස්කාර්ලට් ජොන්සන්, මෝර්ගන්
ෆ්‍රීමන්, මින් සික් චෝයි, ආමර් වෝක්ඩ් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.
දෙවැනි ස්ථානය හිමි වන්නේ බර්ට් රේට්නර් අධ්‍යක්ෂණය කළ Hercules චිත්‍රපටය යි.
පසුගිය ජුලි 25 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ එය සිය පළමු සති අන්තයේදී
උපයාගත් ආදායම ඩොලර් මිලියන 29.8ක්. ඩේව්යන් ජොන්සන්, ජෝන් හර්ට්, ඉයන් මැක්ෂේන්
මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.