|
|
කරීනාගේ නෑනා දීග ගිහින්
වර්ෂ 2004 දී බොලිවුඩ් රංගනයට පිවිසි ඇය සිනමා ජීවිතයේ දාහතර වැනි වර්ෂ පූර්ණය
සමරන්නේ කූනාල් කෙමු සමඟ විවාහ වෙමිනි. ‘කූනාල් ළඟ සිටින විට සෝහාගේ මුහුණ සිනාවෙන්
පිරී යනවා. හොඳ ආදරයක් ඇති බවට ඊට වැඩි සාක්ෂියක් නැහැ’ කරීනා නෑනා ගැන පවසන්නේ
සතුටිනි. කූනාල් - සෝහා විවාහය පැවැත්වෙන්නේ සායිෆ්ගේ මහ ගෙදර නම් නොවෙයි.
මූම්බායිහිදී ඉතා චාම් උත්සවයකින් මංගල්‍යය පවත්වන්නට දෙදෙනා බලාපොරොචත්තු වෙති. කූනාල් මුලින්ම සෝහාට ආදරය ප්‍රකාශ කළේ පැරීසියේදීය. මේ ගැන තාගෝර් පවුල ද ඒකමතික අවසරය ලබා දුන්හ. ෂර්මිලා සතුට ප්‍රකාශ කළේ රුපියල් කෝටි නවයක නිවෙසක් දෙදෙනාට තෑගි දෙමිනි. 2012 වසරේ සිට දෙදෙනා එහි එකට වාසය කරති. සිව් වසරක ප්‍රේම පුරාණයකට හිමිකම් කියන සෝහා, කූනාල් යුවළ මුලින්ම ආදරයෙන් බැඳී ඇත්තේ ‘බූන්තේ ජබ්ගේ’ දර්ශන තලයේදීය. ආදරය ඔවුන් මාධ්‍යයට කිසි දිනක රහසක් කර ගත්තේ නැත. සෝහා ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරිණියකි. කූනාල්, සෝහා ඔක්ස්ෆර්ඩ් සරසවි සඟරාවට ලියන ලද ලිපි ද කියවා ඇත. ඇයගේ මේ දස්කම් කෙරෙහි ද කූනාල්ගේ සිත ඇදී ගියේය. ඔහු ඇයට කෙතරම් ආදරය කරනවා ද කිවහොත් කෑම පවා පිසින්නේය. 1993 දී ළමා නළුවකු ලෙස රංගනයට පිවිසි කූනාල් 2005 වසරේදී ‘කල්යුග්’ සිනමාපටයෙන් වැඩිහිටි නළුවකු ලෙස දොරට වැඩියේය. කූනාල්ගේවත් සෝහාගේවත් නම් ඉදිරියෙන් හිටපු පෙම්වතියන්ගේ, පෙම්වතුන්ගේ නම් නොතිබීම ද බොලිවුඩ් ප්‍රේම පරාදීසයේ දුලබ කරුණකි. |



කරීනාගේ තිස් පස් හැවිරිදි නෑනා මනාළියක වන දිනය වැඩි ඈතක නැත. සෝහා අලිඛාන්
ජනප්‍රිය නිළි ෂර්මිලා තාගෝර්ගේ වැඩිමල් දියණියයි. නළු සායිෆ් අලිඛාන්ගේ වැඩිමල්
සොයුරියයි. ඒ වාගේම කරීනා කපූර්ගේ ලොකු නෑනාය.