වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

F E E D B A C K

පරපුරට සුබපැතුම්

දීර්ඝ කාලයක් සිනමාවේ උන්නතියට දායකත්වය දැක් වූ රංගන ශිල්පියකු වශයෙන් ක්ලීටස් මෙන්ඩිස් කලාකරුවාණන් අප මතකයේ රැඳී පවතියි. වරෙක සිංහල සිනමාවේ

දුෂ්ඨයා වූ හෙතෙම සිය කුලුඳුල් අධ්‍යක්ෂණයෙන් කළ එළි බඳින පරපුර නමැති ඔහුගේ සිහින සිනමා සිතුවමට ආසිරි පතමි මෙසේ.

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය

කොත්තමල්ලි කාලෝචිතයි

චන්ද්‍රදාස ප්‍රනාන්දු රචනා කළ ජිප්සීස් සුනිල් ගැයූ නවතම ගීතය කොත්තමල්ලි ඉතාම කාලෝචිතය. අර්ථවත්ය. එහි රූප රචනය ද සිත් ඇද බැඳ තබා ගන්නට සමත්ය.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

අපට වෙනසක් ඕනෑ

ඩ්‍රීම්ස්ටාර් එම්. ජී. ධනුෂ්කට,

ඇත්තෙන්ම ඔබ වාසනාවන්ත ගායකයෙක්. ඔබ ඇඹිලිපිටියේ එක්තරා සන්දර්ශනයකදී ‘කෝ අපිට හූවක් දෙන්නකෝ, හා හා හා’ කිය කියා නැටුවා.

ධනුෂ්ක අනෙක් ගායකයින් කරන ඒවා ඔබ කරන්න එපා. ඔබේම අනන්‍යතාවයක් තුළින් ලස්සන වෙනසක් ඇති කරමින් ප්‍රසංග වේදිකාවේදී අප හමුවන්න.

කමලා සෙනෙවිරත්න

හෝකන්දර

හත්දින්නත් තරු

ස්වර්ණවාහිනී නාලිකාවේ හත්දින්නත් තරු දැඩි ප්‍රේක්ෂක ජනාදරයට පත් වූ වැඩසටහනකි. මෙහි ජනප්‍රියත්වය සමඟින්ම හත්දින්නත් තරු අනුකාරකවාදී වැඩසටහන් සෙසු නාලිකා ඔස්සේ බිහි විය. එසේම ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන පැරැණිම වැඩ සටහන ද හත්දින්නත් තරුය.

ජයන්ත අතපත්තු සමඟින් දිනූෂා රාජපතිරණගේ ආකර්ෂණීය ඉදිරිපත් කිරීම ද වැඩ සටහනෙහි සාර්ථකත්වයට සුවිශේෂී කරුණක් වූවාට සැක නැත. තවත් චිරාත් කාලයක් ස්වර්ණවාහිනි අඹරේ හත්දින්නත් තරු පායනු නොඅනුමානය.

ජයජිත් ධර්මප්‍රිය

වත්තල

මේ ඊර්ෂ්‍යාවද, කුහකකමද

පසුගියදා නිමාව දුටු දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගයේ ජයග්‍රාහකයා වූ එම්. ජී.ධනුෂ්ක මෙතරම් චෝදනා ලැබ සිටින්නේ ඔහුගේ ජනප්‍රියත්වය හිස් ටින් එකක් ගීයෙන් ඉස්මතු වී තිබීම නිසා ද, නැතහොත් වෙනත් ගුවන් විදුලි නාළිකා ඔහු කෙරෙහි අති කුහකකම ඊර්ෂියාව නිසාද? හැමටම අමතකව ගිය එම ගීතය ධනුෂ්ක වැනි ගායකයකුගේ මුවින් ඇසීම අප ලැබූ භාග්‍යයකි.

බෙග්, මිල්ටන්, ජෝති මෙම තිදෙනා ජීවතුන් අතර සිටියා නම් ධනුෂ්කව තවත් ඔසවා තබනු නියතය.

චන්ද්‍රිකා බටුවත්ත

රාගම

කලකට පසු විකට චිත්‍රපටයක්

ප්‍රේක්ෂකයින් සිනමාවෙන් වඳ වී යන මෙවන් යුගයක කොස්තාපල් පුඤ්ඤසෝම පවුලේ සැමට එක්ව නැරැඹිය හැකි කලකින් පසු මම නැරැඹූ හොඳ විකට චිත්‍රපටයක් ලෙස හඳුන්වා දෙමි.

අතුල රම්‍යසිරි

පානදුර

සිත්තරාවි හොඳයි

සිරස නාළිකාවෙන් විකාශය වන සිත්තරාවි ඉතාම හොඳ ටෙලි නාට්‍යයකි.

වියානි ගුණවර්ධන

නිලන්ත වයානි
ශීලා වැන්ඩර්ලන්
වෙන්නප්පුව

අහෝ සසරක හැටි

අපේ නළු නිළියෝ මේකප් දමාගෙන සෑම මාධ්‍යයක් තුළින්ම වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටින විට ආදරේ හිතෙනවා දැක්කම අහෝ සසරක හැටි.

සුනිල් චන්ද්‍රසේකර

කොටුගොඩ

බාධාවක්

ඇතැම් රූපවාහිනී චැනල් සහ ගුවන් විදුලි නාලිකා මඟින් දවසේ වැදගත්ම වැඩසටහන වන ප්‍රවෘත්ති විකාශය කරන කාලය තුළදී ඒ අතරමඟ විවිධ වෙළෙඳ දැන්වීම් දැමීම අසන්නන්ට බාධාවකි. ප්‍රවෘත්ති අතරතුරදීවත් අනවශ්‍ය දැන්වීම් නවත්වනවා නම් හොඳයි.

තිලකරත්න විල්වල

කෑගල්ල

ප්‍රතිචාර ක්ෂණිකව එවන්න

0752805047 www.sarasaviya .lk
වෙබ් පිටුව මඟින් ද ප්‍රතිචාර දැක් විය හැකිය. එමෙන්ම අපගේ පැරැණි පාඨකයන් නිබඳව අප හා සම්බන්ධ වන්නේ තැපැල්පත් මඟිනි. ඔවුන් වෙනුවෙන් සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය විවෘතව පවතියි.

S.M.S

සමහර රංගන ශිල්පි ශිල්පිනියන් එයාලගේ දරුවන් පාසල් යන වයසට ආවාම පිටරට යවනවා උගන්වන්න. ඇයි? ලංකාවේ පාසල් හොඳ නැතුවද? වැඩිදුර අධ්‍යාපනයට දරුවන් යැව්වාට කමක් නැහැ. ප්‍රාථමික අධ්‍යාපනයට පිටරට යැවීම අනවශ්‍ය බවයි මගේ හැඟීම.

ෆාතිමා

වැලිගම

අයි. ටී. එන්. එකේ විකාශනය වූ ඉඳුවරි ටෙලි නාට්‍යයේ කේසර විදිහට රඟපාපු අයියා නම් ගොඩක් හොඳට තම රංගන වගකීම ඉටු කළා. ඔහු අසංක ප්‍රියමන්තගේ ආදරෙයි මං ඔය හිතට තවමත් සිංදුවේ විෂුවල් එකෙත් රඟපානවා. කේසර අයියගේ අනාගතයට මං සුබ පතනවා.

චමලි

කුරුණෑගල

පූජා උමා ශංකර් කියන්නේ සුපිරි රංගන ශිල්පිනියක්. ලංකාවේ සිනමාව පමණක් නොව මුලු කලා

ක්ෂේත්‍රයේම දියුණුවට මෙවන් නිළියන් ඕනෑ. පූජා යොදා ගන්නා කලා නිර්මාණ හරි වාසනාවන්තයි කියලා මම හිතන්නේ.

සංචලා

ගලේවෙල

මම කැමැතියි ප්‍රතිචාර පිටුවේ ජනප්‍රිය ගායිකා ජින්ජර්ගේ පින්තූරයක් පළ වෙනවාට. ඇය තමයි මගේ ප්‍රියතම ගායිකාව. ජින්ජර් අක්කිගේ ගීත මං අහන්නේ පිස්සුවෙන් වගේ.

නිලූ

දෙහිවල

දෙරණ අරුණ ගෙන එන චතුර අල්විස් සොයුර,

ඔබේ සිත් බඳින බස් හරත් අභිනයෙන් මැනවින් කරන අවස්ථා නිරූපණයත්, කඩවසම් පෙනුමත් රැගෙන රංගන ශිල්පියෙකු ලෙස කලා ලෙව සැරිසරන්නට පටන් ගත්තොත් අපට අපූරු රස වින්දනයක් ඔබ ගෙනෙනු නොඅනුමානයි.

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

රන්ජා සාර්ථකවිමට මම දකින ප්‍රධාන හේතුව වන්නේ වසන්ත කුමාරවිලගේ සටන් නිර්මාණය සහ රොජර්, ශ්‍රීමාල් සහ පියුමිගේ ප්‍රභල රංගනයයි

වික්‍රම

මිද්දෙණිය

රියැලිටි කාලවෙන් බිහි වූ සැබෑම සුපිරි තරුව එම්. ජී. ධනුෂ්කය. ඔහු තරම් දක්ෂ ගායන තරුවක් මෙතෙක් බිහි වී නැත.

සංඛ

පානදුර

ටෙලි නාට්‍ය ගමන් මඟෙහි කෙටි කාලයක් තුළ වැඩිම ජන ප්‍රසාදයක් ලබා ගන්නට ‘පුංචි වලව්වේ’ මේකලා හෙවත් දුලීකා මාරපන වාසනාවන්ත විය. ප්‍රතිචාර තීරයේ බොහෝ අවස්ථාවන්වලදී මේඛලා ගැන පාඨකයන් ලියා එවන්නේ ඒ නිසාය. දුලීකාව මේ චරිතයට තෝරා ගැනීම නිවැරැදිම තේරීමකි. මේරි මේකලා එක්නැලිගොඩ වීමට අන් කිසිවකු නොමැති බව මේ වන විට දුලීකා පෙන්වා දී අවසානය.

ඈන් නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

නළු නිළියන්ගේ උඩඟුකම ගැන ‘සරසවිය’ පාඨකයෙක් මිට ප්‍රථම ප්‍රතිචාර හරහා කියපු කතාව ඇත්තම ඇත්ත. උපන් දිනයටවත් රසිකයෙක් එක්ක කතා කරන්න බැරි නළු නිළියෝ මොකටද?

මහේෂි

ගම්පහ

ඇත්තටම ප්‍රීතිගේ මතක පොත සමාජයට දෙන්නේ හරිම වැදගත් පණිවුඩයක්. මමත් මොරටුවේ කෙනෙක්. පාසල් වියේදී මොරටුවේදී මමත් රවීව දැක්කා ප්‍රීති කියන බෙන්ස් කාර් එක දැකලා තියෙනවා. එදා ඉඳලා එක ස්ථාවරයක සිටින රවී අරගෙන තියෙන තීරණවල සෘජු බව විශ්වාසවන්ත බව දැක්කම මට හිතුණේ රවී සැබෑ ලෙසින්ම සමාජයට දුන්නේ මහත් වූ ආදර්ශයක් කියලා.

රවී

ඔබ සැබෑ ජීවිතයේදී කිසිවෙකුට නෙදෙවෙනි ප්‍රතිපත්ති ගරුක මහා පුරුෂයෙක්. එමෙන්ම ප්‍රීතිට තුති පුදනවා මෙවන් රහස් සරසවිය හරහා එළි කිරීම පිළිබඳව.

පෙරේරා

කටුනායක ගුවන් තොටුපළ

උපේක්ෂා ස්වර්ණමාලි ස්නේහා ටෙලි නාට්‍යයේ හරි ලස්සනට රඟපානවා. ඔයා නිසයි අපි ස්නේහා බලන්නේ.

සඳුනි ඉෂාරා සහ පවුලේ සැම

ගම්පහ

අධ්‍යක්ෂ ෂර්ලි දෙලංකාවලගේ ඩ්‍රාමා හරිම ලස්සනයි. ඔහු වෙනස් නිර්මාණ කරන්න දක්ෂයි.

පියුමිකා

වේරහැර

සහන් රන්වලටයි මේ කියන්නේ, ඔබට ගැළපෙන චරිත තෝර ගන්න. මෑතකාලිනව ඔබ රඟපෑ බොහෝ චරිත ඔබට ගැළපෙන්නේ නැහැ.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

ජනක කුඹුකගේට හොඳ චරිතයක් ලැබිලා. ඒ සඳසාවි ටෙලි නාට්‍යයේ ඇමැතිවරයකු විදිහට ඔබ මරුවට රඟපානවා.

වික්‍රම

මිද්දෙණිය

ඇත්තටම ස්වප්නා ගොඩක් ලස්සන ටෙලි නාට්‍යයක්. එය ලංකාවට ගෙන ආව සිරසට මං තුති පුදනවා. පුළුවන් නම් ස්වප්නා ගුවන් විදුලි නාට්‍යයක් ලෙස සිරස ගුවන් විදුලියේ ද ප්‍රචාරය කරන්න.

අනුෂ්කා

මොරටුව