වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සුළං රැල්ලට නව තාක්ෂණය

සුළං රැල්ලට නව තාක්ෂණය

ගායක ෆීලික්ස් ඇන්ටන්

මගේ ජනප්‍රිය ගිතයක් වුණු ‘සුළං රැල්ල ලෙස හමා එමී’ ගීතය නව තාක්ෂණයෙන් යුක්තව නැවතත් ශ්‍රාවකයන් අතරට රැගෙන එන්නට මා මේ ‘දවස්වල කටයුතු කරගෙන යනවා. මේ ගීතය කරුණාරත්න අබේසේකර තමයි ලිව්වේ. සංගීතය යෙදුවේ මෙල්රෝයි ධර්මරත්නයි. නව පරපුර මේ ගීතය වැඩිය දන්නේ නැති නිසා ඔවුන් අතරට යවන්නත් එක්කයි මේ කටයුත්ත සිදු කරන්නේ. ඒත් ගීතයට කිසිදු හානියක් නොවෙන්නයි මේ කටයුත්ත සිදු වන්නේ.