බලනවා නම් චිත්‍රපට

වර්තමානය වන විට අපේ රටේ ප්‍රේක්ෂකයන් අතර බ්ලුරේ මෙන්ම ඩී වී ඩී අතිශය
ජනප්‍රියයි. අලුතින් වෙළඳපොලට එන ජනප්‍රිය බ්ලුරේ සහ ඩි වී ඩී පිළිබඳ හඳුන්වා දෙන
ලිපි මාලාවක් අප පළ කරන්නේ පාඨක ඔබ නිසාමයි. එපමණක් නොවෙයි ලංකාවේ මුල්වරට සෑම
සතියකම චිත්‍රපටයක ත්‍රිමාණ බ්ලුරේ පිටපතක් ඔබට තෑගි ලැබෙන බවත් ඔබ දන්නවා.
සියළුම තරු
එක් කළ තැනූ ද එක්ස්පෙන්ඩබල්ස්
හොලිවුඩ් සිනමාවේ අති ජනප්‍රිය නළුවකු වන සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ ද එක්ස්පෙන්ඩබල්ස්
චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන ද එක්ස්පෙන්ඩබල්ස් - 3 චිත්‍රපටය දැන් නිිකුත්
වී ඇත.
හොලිවුඩ් සිනමාවේ දැවැන්තම නළු නිළියන් වන ජේසස් ස්ටාතම් ලි ක්‍රිස්මස් ලෙසත්,
හැරිසන් ෆෝඩ් ඩ්‍රමර් ලෙසත්, ආනෝල්ඩ් ස්වසෙන්ගර් ට්‍රිස්ච් ලෙසත්, මෙල් ගිබ්සන්
ස්ටෝස් බෑන්ක් ලෙසත්, වෙස්ලි ස්නීප්ර් ඩොන් ලෙසත්, අන්තෝනියෝ බන්දෙරාස් ඩෙල්සේ
ලෙසත්, ජෙට් ලී සිල්ක් ටෑන්ග් ලෙසත් රඟන මෙහි සිල්වෙස්ටර් ස්ටැලෝන් රඟන්නේ
බර්නිරෝස් චරිතයයි.
බර්නි සහ ක්‍රිස්මස් සහ සෙසු සාමාජිකයන් මිට වසර කිහිපයකට පෙර ආරම්භ කළ
එක්ස්පෙන්ඩබල් කණ්ඩායම ස්ටෝන් බෑන්ක් සමඟ මුහුණට මුහුණ ගැටෙති. කලින් එක්ස්පෙන්ඩබල්
කණ්ඩායමේ සිටි ස්ටෝන් බෑන්ක් දැන් වෙනස් සතුරු කණ්ඩායමක් හා එක්ව සිටින අතර බර්නි
ඝාතනය සඳහා භාර දී ඇත්තේ ස්ටෝන් බෑන්ක්ටය. බර්නිව සහ එක්ස්පෙන්ඩබල් කණ්ඩායම සමූල
ඝාතනය කිරීමට ස්ටෝන් බෑන්ක් ක්‍රියාත්මක වුව ද බර්නිගේ වික්‍රමාන්විතයන් ඉදිරියේ එය
ව්‍යර්ථ වෙයි.
මේ ද එක්ස්පෙන්ඩබල් - 3 චිත්‍රපටයේ කතා තේමාව වන අතර මෙය පැට්රික් හග්ස් ගේ
අධ්‍යක්ෂණයකි. පීටර් චෙන්සිස් කැමරා අධ්‍යක්ෂණය කර ඇති මෙහි සංගීත අධ්‍යක්ෂණය
බ්‍රයන් ටේලර් ගෙනි.
සෙබලෙකුට
නිවාඩු නැත හොලිඩේ
දකුණු ඉන්දීය සුපිරි නළු විජේ රඟපෑ තුප්පාකි චිත්‍රපටයේ හින්දි අනුවර්තනය වන හොලිඩේ
හමුදා නිලධාරියකු වටා ගෙතුණු චිත්‍රපටයකි.
නිවාඩුවක් ගත කිරීමට මූම්බායි වෙත එන විරාට් (ආක්ෂේ කුමාර්) නීතිගරුක බුද්ධිමත්
හමුදා නිලධාරියෙකි. බස් රථයක ගමන් කරද්දී එහි එක් පුද්ගලයකුගේ මුදල් පසුම්බිය
නැතිවන අතර එහිදී විරාට්ගේ නිර්භීතභාවය ඉදිරියේ එය විසඳනු ලැබුව ද ඊළඟ තත්පර
කිහිපයේදී බෝම්බයක් නිසා බස් රථය විනාශ වෙයි.
මෙය විරාට්ට විශාල මෙහෙයුමකට මග පාදන සිදුවීමක් වෙයි. බෝම්බය රැගෙන ආ පුද්ගලයාව
අල්ලා ගැනීමටත් ඔහුව පොලිස් භාරයට දීමටත් විරාට් සමත් වන අතර, එතැන් සිට
ක්‍රියාත්මක වන විරාට් විවිධ සාක්ෂි සොයා යමින් මුම්බායි නගරයේ ත්‍රස්තවාදයට එරෙහිව
වික්‍රමාන්විතයක් අරඹයි.
මෙවන් කතා පුවතක් ගැබ්ව ඇති හොලිඩේ චිත්‍රපටයේ ආක්ෂේ කුමාර්, සොනක්ෂි සිං, සුමිට්
රගවාන්, ෂකීර් හුසේන් සමඟ හඳුන්වා දෙන පර්හාඩ් රංගනයෙන් දායක වන අතර ගරු රංගනයෙන්
ජනප්‍රිය නළු ගෝවින්ද එක්ව සිටියි.
ප්‍රිතම් සංගීත අධ්‍යක්ෂණය කළ හොලිඩේ පසුබිම් සංගීතය ප්‍රසාද් ගස්ටේ විසිනි.
අමිතාබ් ශුක්ලා සංස්කරණය කර ඇති හොලිඩේ නටරාජා සුබ‍්‍රමානියම් කැමරාව මෙහෙයවා ඇත.
තුප්පාකි ද්‍රවිඩ චිත්‍රපටය මෙන්ම හොලිඩේ චිත්‍රපටය ද ඒ. ආර්. මුර්ගදාස් විසින්
කතා, තිර රචනය සහ අධ්‍යක්ෂණය කර ඇත.
විද්‍යා රහස්
පරීක්ෂණයකට බොබි ජාසුස්
හින්දි සිනමාවේ සිටින දක්ෂ චරිතාංග නිළියක සේ සැලකෙන විද්‍යා බාලන් රංගනයෙන් එක්වන
නවතම චිත්‍රපටයයි බොබි ජාසස් චිත්‍රපටය.
සමර් සෙයික් විසින් කතා රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වූ මෙහි දෙබස් සහ තිර රචනය
සන්සුක්ත චව්ලා ශායික් විසින් ද ශාන්තානු මොයිට්රා සංගීතයෙන් ද, විසල් සිං කැමරා
අධ්‍යක්ෂණයෙන් ද දායක වී ඇති බොබි ජාසුස් සම අධ්‍යක්ෂණය හනිල් කාලියා විසිනි.
විද්‍යා බාලන් සමඟ අලි පසාල්, සුප්‍රියා පතාන් කපූර්, තස්ටි අස්මි, ශරීනා වහාබ්,
රාජේනු ගුප්තා, අර්ජන් බජ්වා සහ කිරන් කුමාර් රංගනයෙන් දායක වී ඇත.

බොබි රහස් පරීක්ෂකවරියෙකි. හයිද්‍රබාද් නගරයේ අංක එකේ රහස් පරීක්ෂකවරිය වීම බොබිගේ
එකම අභිලාෂයයි.
කැලෑ කතාවට තවත් කොටසක්
ජංගල් බුක් – ජන්ගල් පාටි
කුඩා දරුවන් අතර ඉමහත් ජනාදරයට පත් ජන්ගල් බුක් කාටුන් චිත්‍රපට මාලාවේ නවතම
චිත්‍රපටය වනන ජන්ගල් පාටි චිත්‍රපටයේ ඩී. වී. ඩී. පට දැන් වෙළෙඳ පොළට නිකුත් වී
ඇත.
ජංගල් පාටි රචනය සහ අධ්‍යක්ෂණය ජූන් ෆොල්කන්ස්ටින් සහ කෙවින් ජොන්සන් විසිනි.
ලිව්වේ -
කල්‍යාණ චන්ද්‍රසේකර
බ්ලූ රේ
අනුග්‍රහය -
මුවි වර්ල්ඩ් එච්. ඩී.
ඩී වී ඩී චිත්‍රපට අනුග්‍රහය -
නීරෝ සී. ඩී හවුස්.
මල්වත්ත පාර, කොළඹ.
|