|
|
හොඳම නිළිය රත්තරන් මුට්ටියේ ‘ට්‍රොබිලස්’
කලාවට තෝතැන්නක් බඳු වූ ගල්කිස්සේ උසස් බාලිකා විද්‍යාලයේ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම
ලබන සුපිපි ඉමාෂා කරුණාරත්න කියන්නේ දක්ෂ දැරියකි. පසුගියදා (පසුගිය
‘රත්තරන් මුට්ටිය’ වේදිකා නාට්‍යයේ මම රඟපෑවේ ට්‍රොබිලස් ගේ චරිතයයි. මේ නාට්‍ය නිර්මාණය වුණේ ග්‍රීක නාට්‍යයක් ඇසුරෙන්. මේ නාට්‍ය වෙනුවෙන් අපේ නාට්‍යයට සම්මාන හතක් හිමි වුණා. මට වගේම මල්කි ෂෙහානි හා අංජනා තරුප්‍රභා කියන මගේ සහෝදරියන් දෙදෙනාටත් හොඳම නිළිය දෙවන, තෙවන ස්ථාන ලැබුණා. ඔසිනි කිත්මාට ලැබුණේ කුසලතා සම්මානයක්. සියලු දෙනා අතරෙන්ම පළමු තැන ලබා ගැනීමට ලැබීම මට සතුටට කරුණක්. මම මුලින්ම රංගන කටයුතුවලට යොමු වන්නේ අවුරුදු පහේදී පමණ වයසේදී. ‘කඳුළක් ඉකි බින්දා’ කියන වේදිකා නාට්‍යයේ පූසෙකුගේ චරිතය රඟපෑමෙන්. ඊට පස්සේ ‘අපි හැමදාම යාළුයි’, ‘ඉතුරුම් දිවිය’ වගේ වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑවා. එතැනින් නොනැවතුණු මා ‘සරා’, ‘දරුවනේ’, ‘මවුස්’, ‘මහින්දාගමනය’ වගේ චිත්‍රපටවලටත් රංගනයෙන් සහභාගි වුණා.
මා රඟපෑ මහේෂ් ප්‍රදීප්ගේ ‘නීරෝ හීරෝ’ කියන චිත්‍රපටය ඉදිරියේ තිරගත වේවි. පුංචි
තිරයේදී විකාශය වූ ‘රිදී සිත්තම්’ කියන්නේ මගේ රංගන දිවියට සුවිශේෂ වූ ටෙලි ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ඒ නාට්‍යයේ මගේ තාත්තා හැටියට රඟපෑවේ ඔහුයි. අනුරාධ රංජිත්ගේ ‘රාවණා අඩවිය’ ටෙලි නාට්‍යයේත් මා රංගනයෙන් සහභාගී වුණේ බොහොම කැමැත්තෙන්. රංගනයට වගේම නර්තනයටත් මම කැමැතියි. ඒ නිසාම ලිට්ල් ස්ටාර් නර්තන වැඩසටහනටත් මා ඉදිරිපත් වුණා. ඒ තරගයේ දොළොස් වැනි වටය දක්වා පැමිණීමට හැකි වීමත් මගේ එක් ජයග්‍රහණයක්. ඉදිරියේදී රංගන කටයුතුවලින් ඉදිරියට යෑමටයි මා වඩාත් කැමැත්තක් දක්වන්නේ. මුල ඉඳලාම මා නාට්‍ය හා රංග කලාව විෂයයක් විදියට තෝරා ගත්තේ ඒ නිසාමයි. මගේ රංගනය වර්ධනය කර ගැනිමට මට බොහොම උදව් කරන්නේ මගේ පාසලේ නාට්‍ය හා රංග කලාව උගන්වන රංජනී ගමගේ ගුරුතුමියයි. මේ ‘රත්තරන් මුට්ටිය’ නාට්‍යයේ මා රඟපාන පුරුෂයකුගේ චරිතය නිවැරැදිව රඟපාන්නට මට උදව් කළේ ඇයයි. ඇයගේ උපදෙස් සියල්ල නිසයි මට හොඳම නිළිය වීමට හැකි වණේ. පුහුණුවීම්වලදී ඒ චරිතය සඳහා හඬ වෙනස් කරලා කතා කිරීම නිසා මගේ උගුරත් බැරැන්ඩි වුණා. මා ඇයව බොහොම ආදරයෙන් සිහිපත් කරනවා. ඒත් සමඟම මගේ රංගන කටයුතුවලට උදව් වන අපේ පාසලේ විදුහල්පතිනිය වන ගයානි ප්‍රින්ස්ලි මහත්මියටත් ස්තුතිවන්ත විය යුතුයි. මගේ ළඟින් ඉඳිමින් සියලු කටයුතුවලට උදව් වන, මාව ආරක්ෂා කරන අම්මාවත්, තාත්තාවත් මෙහිදී මා මතක් කළ යුතුයි. නිර්මාණ රැසකටම මා සහභාගි කර ගනිමින් මගේ රංගන හැකියාවන් ඔප් නංවා ගැනීමට ඉඩ ලබා දුන් අධ්‍යක්ෂ මාමලාට වගේම කලා ක්ෂේත්‍රයේ මට උදව් කළ හැමෝටම ස්තුතිය පුදනවා.
|



ජූනි මස 08
වැනිදා) පැවැති අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අංශය මඟින් පවත්වන්නට යෙදුණු සමස්ත
ලංකා නාට්‍ය තරගාවලියේදී ඇය වසරේ හොඳම නිළිය ලෙස ප්‍රථම සම්මානයට පාත්‍ර වූවාය. ඒ
‘රත්තරන් මුට්ටිය’ වේදිකා නාට්‍යයේ රඟපාමිනි.
නාට්‍යයක්. ඒ එහි ප්‍රධාන චරිතය රඟපෑ වර්ෂාගේ කුඩා කාලයට රඟපෑමයි. ශ්‍රියන්ත
මෙන්ඩිස් කියන ප්‍රවීණ රංගන ශිල්පියා සමඟ මට රඟපෑමට අවස්ථාව ලැබෙන්නේ මෙහිදීයි.