මම මේ දවස්වල දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරු කිහිප දෙනෙකුට ගීත නිර්මාණය කරමින් සිටින්නේ. පසුගියදා බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ උපදේකවරියක් ලෙසින් කටයුතු කරන මගේ දුව මෙරට ප්‍රථම වරට භරත හා කථක් කළඑළි මංගල්‍යයක් පැවැත් වූවා. එහි සංගීත කටයුතු සිදු කළේත් ම විසින්. මම දැන් එළිමහන් ප්‍රසංගවලට දායක වෙනවා අඩුයි. ඒ වුණාට මගේ ස්වරංජලී සංගීත කණ්ඩායම සමඟ ගෘහස්ථ ප්‍රසංගවලට දායක වෙනවා.