වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




අමරසර සුව හරසර

අමරසර සුව හරසර

කොළඹ ජාතික රෝහලට වසර 150 ක් පිරීම නිමිත්තෙන් හෙළයේ මහා ගාන්ධර්වයාණන් වන පණ්ඩිත් අමරදේවයන්ට ‘අමර සුව හරසර’ නමින් උපහාර තිළිණයක් පසුගියදා පිරිනමනු ලැබීය. මේ අවස්ථාව සඳහා ජාතික රෝහලේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිහු සහභාගි වූහ.

රුවන්වැලි සෑය අබියස කලාකරුවන්ගේ අධිෂ්ඨාන පූජාව

කලා ක්ෂේත්‍රය තුළ ඇති අර්බුදකාරී තත්ත්වයන් මගහැරී සෙත් ශාන්තිය පතා ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ සංගමය මගින් සංවිධානය කළ අධිෂ්ඨාන පූජාවක් පසුගියදා අනුරාධපුර රුවන්වැලි සෑය අභියසදී පැවැත්විණ. මේ සඳහා අති විශාල කලාකරුවන් රැසක් සහභාගි වී සිටියහ. ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ සංගමයේ සභාපති ලෙස සමන් දිසානායක කටයුතු කරන අතර වසන්ති චතුරානි ලේකම් ධූරය හොබවයි.