වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




කුමන නැටුම් කෙළි සිනාදා

කුමන නැටුම් කෙළි සිනාදා

නවකතා රචක නිව්ටන් ගුණසේකර

මේ දිනවල පටන් සාහිත්‍ය මාසය වෙනුවෙන් සූදානම් වෙනවා. ගම්පහ මින්සර ප්‍රකාශන ආයතනනයේ ප්‍රධාන සංස්කාරක ලෙසින් සාහිත්‍ය මාසයේ එළි දකින්න නියමිත කෘති කිහිපයක සංස්කරණ කටයුතු සිදු කරමින් සිටිනවා. ඊට අමතරව මගේ 26 වැනි නවකතාව ‘කුමන නැටුම් කෙළි’ දැන් මුද්‍රණ ද්වාරයෙන් පිට වුණා. එම කෘතියත් සාහිත්‍ය මාසයේදී එළි දක්වන්න සූදානම් වෙනවා. අගෝස්තු මාසයේ පටන් ගම්පහ දිස්ත්‍රික්කයේ පුවත්පත් කලාවට උනන්දු වූවන් වෙනුවෙන් නොමිලයේ පාඨමාලාවක් පවත්වන්නත් කටයුතු කරගෙන යනවා.