දැන් කලාවෙන් සමුගෙන
දැන් කලාවෙන් සමුගෙන
රංගන ශිල්පිනී සංදීපා සෙව්මිණි
රංගන කටයුතුවලින් ඈත් වෙලා මගේ දුවත්, පුතත් බලාගෙන ඔවුන්ගේ කටයුතුවලට උදව් වෙමින්
තමයි මා මේ දවස්වල කාලය ගත කරන්නේ. ඒ නිසා මා වසර කිහිපයක්ම කලා ලොවෙන් සමුගෙනයි
කාලය ගත කළේ.
ඒ අතරම කොටිකාවත්තේ වගේම හැව්ලොක්ටවුමේ තිබෙන මගේ සැලෝන් දෙකේ
කටයුතුත් සොය බලන්න මා අමතක කරන්නේ නැහැ. බොහෝ මනාලියන් මගේ සුරතෙන්ම හැඩ වැඩ වෙන්න
කැමැති නිසා ඒ කටයුතුවල නියැළෙන්නත් මට සිදු වෙලා.
ඒ නිසා තරමක් මා කාර්යබහුලයි. මේ
සියලු කටයුතුවල නියැළෙන අතරතුර මා කලින් රඟපෑ චරිත නිසා ලැබෙන රසික ප්‍රසාදයත් මතක්
කළ යුතුමයි.
|