|
|
කුස්සි අම්මාට විරුද්ධව නඩුවක්
පසුගිය සතියෙන්...
සාමාන්‍යයෙන් උසාවියක විනිශ්චයකාරතුමා නඩුවක් අහන කොට සිනා වෙන්නෙත් නෑ. ඒ වගේම තමයි නීතිඥයොත් හිනා වෙන්නෙත් නැහැ. අපිත් රංගනයේදී සැබෑ චරිත හා බද්ධ වෙලා තමයි රංගනයේ නියැලෙන්නේ. ඒත් එදා බර්ටි ගුණතිලක දිග ගවුමක් ඇඳගෙන කාන්තාවකගේ ලෙසින් පපු ප්‍රදේශය ලොකුවට හදාගෙන, දිග කොණ්ඩයක් දමාගෙන පොල් කටු හැන්දකුත් අරන් පස්ස ගස්ස ගස්සා වේදිකාවට ආපු හැටි දැකලා විනෝද සමය බලන්න ආපු අයට විතරක් නෙවෙයි, විනෝද සමය රඟපාපු අපිටත් හිනා ගියා. එදා ඒ සිද්ධිය සිද්ධ වුණේ මෙන්න මෙහෙමයි.
විනිසුරු (ඇනස්ලි) – කුමක් ද මේ සිද්ධිය? පැමිණිිල්ලේ නීතිඥයා (මම) - ස්වාමීනි, එක සමාන ගෙවීම් කරන බෝඩිංකරුවන් සිටින බෝඩිමක කුස්සි අම්මා එක බෝඩිංකරුවෙකුට පමණක් සැමදා බිත්තරයක් තම්බා දීමයි. විනිසුරු - කවුද පැමිණිලිකරු? පැමිණිල්ලේ නීතිඥ - ස්වාමීනි අනිත් බෝඩිංකරුවො. විනිසුරු - එතකොට විත්ති පක්ෂය. පැමිණිල්ලේ නීතිඥ - ස්වාමීනි විත්තිකාරියක්. කුස්සි අම්මා. විනිසුරු – ඇය කැඳවන්න. බර්ටි එහෙම එනව දැක්කම එක පාරටම මට ඉබේම හිනා ගියා. මම විනිසුරු දෙස බලන කොට ඔහුත් හිනා වෙනවා. තොල්කයා ( සැමුවෙල්) දෙස බලන කොට ඔහු මුහුණ වහගෙන හිනා වෙනවා. මුලු ප්‍රේක්ෂකාගාරයම හූ කිය කිය හිනා වෙනවා. දැන් ඉතිං අපිට හිනා ගිය එක ප්‍රේක්ෂකයාට දැනෙන්නෙ නැති වෙන්න පිටපතේ නැති දෙබසක් විදියට මම කිව්වා විනිසුරු දෙසට හැරී ස්වාමීනි මේවට සිනහ යනවා ස්වාමීනි කියලා. ඒ පාර ඇනස්ලි (විනිසුරු) කියනවා මටත් මේවට හිනා යනවා කියලා. ඔය අතරේ මම (පැමිනිලලේ නීතිඥ) යුෂ්මතී එක බෝඩිංකරුවෙකුට පමණක් විශේෂ සැලකිලි කරනවාලු නේද? කුස්සි අම්මා (බර්ටි) යුෂ්මතී කරනවා ඇති. මම නොවෙයි. පැමිණිල්ලේ නීතිඥ – යුෂ්මතී කියන්නේ ඔබටයි. කුස්සි අම්මා - මම ගුණවතී. පැමිණිල්ලේ නීතිඥ – හරි . . . හරි . . . ඔබ හැමදාම බිත්තරයක් දානවයි කියන්නේ ඇත්තද? කුස්සි අම්මා - බිත්තර දාන්න මම කිකිලියක්යැ. දැන් ශාලාව පුරා එකම හිනාවක්. විනිසුරු - නඩුව නිෂ්ප්‍රභා කරනවා. ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, මම අපි හතර දෙනා එකට රඟපෑවේ චිත්‍රපට දෙකක විතරයි. කුමාර රූපසිංහගේ අබුද්දස්ස කාලේ හා ටයිටස් තොටවත්තගේ මරුවා සමග වාසේ චිත්‍රපටයේ. ටයි මහත්තයාගේ මරුවා සමඟ වාසේ චිත්‍රපටය කරන්න ගිහින් හරි අපූරු සිද්ධියක් වුණා. මම ලංගම බස් එකේ රියදුරෙක්. ඇනස්ලි ඩයස් බස් එකේ කොන්දොස්තර. බස් එකේ මඟින් අතර විජය කුමාරතුංග, විමල් කුමාර ද කොස්තා, බී. එස්. පෙරේරා, බර්ටි ගුණතිලක, සැමුවෙල් රුද්‍රිගු හිටියා. මෙතනදි පිටපතේ නොතිබුණ දෙයක් මගේ අතින් සිද්ද වුණා. ඇනස්ලි (කොන්දොස්තර) බිම ඉන්දැද්දි මම බස් එක අද්දනවා. ඒ බව දැනගත්ත මම හනික බ්‍රේක් කරනවා. මගියෙක් ලෙස සිටි සැමුවෙල් කෑගහනවා කවුද ඕයි බ්‍රේක් ගහන්නේ කියලා. ඒ පාර මම රියදුරු අසුනේම ඉඳගෙන ඕයි බ්‍රේක් ගැහුවෙ මම ඩ්‍රයිවර්, ඇයි මොකෝ? ඒ පාර සැමුවෙල් කිව්වේ නැතෑ, ආ ඩ්‍රයිවර් උන්නැහෙ නම් කමක් නැහැ, යමු යමු කියලා. වැරැදීමකින් සිද්ධ වුණු මේ දර්ශනය බොහොම හොඳයි කියා ටයිටස් තොටවත්ත ඒ සිීන් එක චිත්‍රපටයට ගත්තා. * ඔහේ තාත්තා නම් මෙයා කොහොමද පියා වෙන්නේ* සුද්දො කොහෙද ඕයි සිංහලෙන් අහන්නේ* ලේබල් ලයිබල් වෙලා* බැනපු කතාවත් පරිවර්තනය කළා |



විනෝද සමය රඟදැක්වීමේදී අපි කරන විහිළුවලට අපිට හිනා ගිය අවස්ථා තිබුණා. බොහෝ
අවස්ථාවල අපි කළේ ආයාසයෙන් කොහොම හරි අපේ හිනාව වලක්වා ගැනීමයි. ඒත් එක දවසක් අපි
හතර දෙනාට අපේම විහිළු දැකල හිනාගිය අවස්ථාවකුත් තිබුණා. එදා අපේ විනෝද සමයේ
මාතෘකාව වුණේ උසාවිය. බෝඩිමේ මහත්තයකුට කුස්සි අම්මා බිත්තරයක් තම්බා දෙන සිද්ධියක්
පිළිබඳව එදා විනෝදසමය රචනා වී තිබුණා. ඇනස්ලි ඩයස් විනිසුරුටත්, මම පැමිණිල්ලේ
නීතිඥ ලෙසත් උසාවියේ තෝල්කයා ලෙස සැමුවෙල් රුද්‍රිගූත්, කුස්සි අම්මා ලෙස බර්ටි
ගුණතිලකත් එදා රංගනයේ නියැලියා. උසාවියේ විභාග වෙන්න තිබුණ නඩුව වුණේ බෝඩිමක එක්
බෝඩිංකාරයකුට පමණක් එහි කුස්සි අම්මා බිත්තරයක් තම්බා දීමේ සිද්ධියක්. මෙහිදී
පැමිණිල්කරුවෝ වෙලා තිබුණේ බෝඩිමේ අනෙක් බෝඩිංකාරයෝ. විත්තිකාරිය වුණේ කුස්සි
අම්මා.
තෝල්කයා (සැමුවෙල්) උසාවිය නිශ්ශබ්ද වෙනු.